Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

The girl who get strike by Police while protest in hnda students speak  

පොලිසියෙන් පන්න පන්න ගහපු හැටි 
ගුටි කෑ සිසුවිය මාධ්‍යට කියපු කතාව - වීඩියෝ
‘‘දුවන්න හදද්දිම කොන්දට 2ක් ගැහුවා,
එපා කියද්දි ඔළුවට ගැහුවා‘‘
සිද්ධිය ගැන අහන්න 
පූජිත් ජයසුන්දර හා ගාමිණී මතුරට
පොලිස් කොමිසමට


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී සිසුන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් පොලිස් කොමිසම වෙත අද කැදවා තිබෙනවා.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සදහන් කළේ ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මෙලෙස කැදවා ඇති බවයි.  එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ පහරකෑ සිසුවිය පොලිසිය ඇයට පහරදුන් ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරයේදී පහරකෑමට ලක්වූ දෙහිවල උසස් අධ්‍යාපන තාක්ෂණික ආයතනයේ ඉගෙනුම ලබන ශෂිනි සංදීපනී නමැති ශිෂ්‍යාව යළිත් ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා. මෙම පොලිස් පහරදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කැදවා තිබූ මාධ්‍ය හමුවට ද ඇය ඊයේ පෙනී සිටියා.

මේ අතර, අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරණ සිසුන් පසුගිය දා පැවැත්වූ විරෝධතාවයේදී පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිසුන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් භාරදීමට නියමිතයි.
පසුගිය බ්‍රහස්පතින්දා අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරණ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරන ලෙස ඉල්ලමින්.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels