Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Sheshadri priyasad cought with her lover in a room to her husband  

ශේෂාද්‍රි තරුණයෙකු සමඟින් සුපිරි නිවෙසක පෙමින් 
වෙළෙද්දී අතටම හසුවූ බවට සැමියා කී 
ආන්දෝලනාත්මක කතාව - Exclusive Photos

‘‘කවදාවත් හිතුවේ නෑ මේ වගේ දෙකේ පන්තියට වැටෙයි කියලා,
කොණ්ඩෙන් මූණ වහගෙනලු ඇතුලට යන්නේ,එයා ගැබ්ගෙන ඉන්නකොට මම බඩට ගැහුවා කියන එක බොරුවක්,
මං වැටුණු වලේ අනිත් කොල්ලෝ වැටෙනවට කැමති නෑ‘‘


තරුණ පරපුර අතර ජනප්‍රිය රංගන ශිල්පිණියක් වූ ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගිය කාලය පුරාම නිවසට වී සහෝදරියන් සමඟ සිටින ඡායාරූප රැසක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ පළවීමත් සමඟින් ඇය විවාහ වූ සම්පත් සමඟ යම්  ප්‍රශ්නයක පැටලී ඇති බවක් දැකගන්න ලැබුණි. මේ සම්බන්ධයෙන් හිරු ගොසිප් අප සම්පත්ගෙන් විමසූ අතර ඔහු පවසා සිටියේ මේ වන විට දෙදෙනා වෙන්වී ඇති අතර ශේෂාද්‍රී දෙමාපියන් වෙත ගොස් ඇති බවයි.  

ඉතාමත් ආදරයෙන් කාලය ගතකළත් කලක් යන විට නොසිතූ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවීම නිසාත් ශේෂාද්‍රි තමන් කිසිවිටෙකත් නොසිතූ ලෙසින් වෙනත් අයෙකු සමඟ මහල් නිවාසයක සිටියදී තමන්ගේ අතටම අසුවූ නිසාත් සම්බන්ධය නවතා දැමීමට මඟ පැදුණු බවට සම්පත් අප හමුවේ පවසා සිටියේය.


මොකක්ද සම්පත් එකපාරටම වුණේ ?
අපි හොඳින් හිටියා. එක පාරටම හිතුවේවත් නැති ප්‍රශ්න ටිකක් ආවා. ගෙදර කට්ටිය එයාගේ ඔලුවට දැම්මා තනියම ජීවත් වෙන්න ඕනි කියන එක. මගේ මල්ලි අපේ ගෙදරමයි හිටියේ. එයාට වුනත් ශේෂාද්‍රි හරිම ආදරෙයි. ඒත් ශේෂාද්‍රිගේ ගෙදර අය එයාගේ ඔලුවට එක එක විකාර දේවල් දැම්මා. කෙටියෙන්ම කීවොත් ශේෂාද්‍රියි මාවයි වෙන් කරලා මට පාඩමක් උගන්වනවා කියන අදහසින් එයාලගේ ගෙදරින්ම තමයි මේ දේ කළේ. මැයි 29 එයා ශේෂාද්‍රි ගෙදරින් පිටත්වෙලා ගියා. මම දන්නේ නෑ ගෙදරින් යනවා කියලා, මැසේජ් එකක් දැම්මා ‘‘බබා මම කොලේජ් එකට යනවා, ගිහින් මම මැසේජ් කරන්නම්‘‘ කියලා.

මට අවිශ්වාසයක් තිබ්බේ නෑ එයා යන තැන් ගැන. එදා ඕෆ් කරපු ෆෝන් එක ඔන් කරලා තිබ්බේ ජූනි 22. මම පොලිසියේ පැමිණිල්ලකුත් දාලා එයාලගේ ගෙදර ගියා.  මාව ගෙදරට පිලිගත්ත හැටියෙන්ම මට තේරුණා එයාලා හැමෝම මේ දේවල් දැනගෙන තමයි මේ විදියට හැසිරෙන්නේ කියලා. පස්සේ මම වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් දාලා එයා මට කෝල් එකක් දෙනකම් හිටියා. එයා ගිහින් තියෙන්නේ යාළුවෙකුගේ ගෙදර.

විවාහයෙන් පස්සේ ඔයා ශේෂාද්‍රිට ගෙදර යන්න නොදී එයාලගෙන් ඈත් කළා කියන්නේ ඇත්තද ?
එහෙම ඈත් කළේ නෑ. එයාගේ තාත්තා වුනත් කතාකලාම මගෙන් අහනවා ෆෝන් එක ආන්සර් කළාට කමක් නැද්ද කියලා. මම එයාව හිරකරන් හිටියේ නෑ. විවාහ යෝජනාව එද්දි මේ ප්‍රශ්න තිබ්බේ නෑ, අපි ආශ්‍රය කරලා මාස 6ක් හොඳට හිටියා. කසාද බඳින්න කලින් මම එයා එක්ක කොහෙවත් එළියට ගිහින් නෑ. කොහොම වුනත් ප්‍රශ්න එක්ක අපි එකට හිටියා. කොහොම හරි මේ දේවල් එක්ක අපි තවත් ඉන්න බැරි නිසා බඳිමු කියලා රෙජිස්ටර් වුණා. අත්සන් කලේ අපේ තාත්තයි එයාලගේ තාත්තයි. ඉතින් මම එයාව අපේ ගෙදර එක්ක ගියා. පස්සේ මාසෙකින් විතර අපි කසාද බැන්දා. ඒ අතරේ ප්‍රශ්නත් තිබුණා. මම ආයේ එයාලගේ ගෙදර යන්නේ නෑ කියලත් තීරණය කළා ඔය ප්‍රශ්න ඇතිවෙන හින්දා.

එතකොට ශේෂාද්‍රි වෙන කෙනෙක් එක්ක වැල්ලවත්ත පැත්තේ මහල් නිවාසයක ඉද්දි ඔයාට අහුවුණු කතාව ඇත්තද ?
ඔව්. එයා යන ක්ලාස් එක ඉවර වෙන්නේ 4ට. හැබැයි මෙයා 12ට ඒකෙන් ගිහින් තියෙනවා. මගේ යාලුවෙක් මේ ගැන මට කීවම මම කීවා කෑමකට යන්න ඇති කියලා මම ඒ කතාව අමතක කරලා දැම්මා. තව දවසක් යාළුවා මට කීවා ඔන්න අයියේ අදත් මෙයා යන්න හදනවා කියලා. මම එදා ශේෂාද්‍රිගේ නෑදෑයෝ දෙන්නෙක් එක්ක ටැක්සි එකක මේ යන ගමන ගැන බලන්න ගියා. මම එයාව ෆලොව් කළා. මම ඒත් ශේෂාද්‍රිගේ නෑයෝ දෙන්නට කීවා එයා යාලුවෙක් එක්ක යනවානම් අපි හැරිලා එමු, පිරිමි ළමයෙක් එක්ක කෑමකට හෝ ෆිල්ම් එකක් බලන්න යනවානම් ඒත් හැරිලා එමු, හැබැයි රූම් එකකට යනවානම් අපි ඒ ගැන කතා කරමු, එයාව එක්ක ඇවිත් අපි ගෙදර බස්සමු කිසි කරදරයක් වෙන්නේ නෑ කියලා.

එයා මහල් නිවාසයක් ළඟ නතර වෙලා එකපාරටම ඇතුලට දිව්වා. මට අසනීප වුණා ඒ වෙලාවේ. එකෙන් ඇහුවම 6වෙනි තට්ටුවට ගියා කීවා. ගිය සතියෙත් ආවා කීවා. එයා කොණ්ඩෙන් මූණ වහගෙන ඇහුවම උත්තර දෙන්නෙත් නෑ දුවලා ගියා කීවා. අපි එයාලා කීව තැනට ගියා. මම 119 කෝල් කරලා පොලිසියටත් එන්න කීවා. පසසේ තට්ටු කළාම දොර ඇරියේ නෑ, යතුරක් පාතින් ගෙනැල්ලා දොර ඇරලා බැලුවම කොල්ලයි ශේෂාද්‍රීයි ඇතුලේ හිටියා. 

ඒ කොල්ලා යන්න හැදුවම පොලිසියෙන් අල්ලාගත්තා.  මම කීවා එයාට යන්න දෙන්න කියලා. මට එයා එක්ක ප්‍රශ්නයක් නෑ. මොකද කසාදේ වටිනාකම දැනගන්න ඕනි ශේෂාද්‍රි, නැතුව කොහෙවත් යන කොල්ලෙක් නෙවෙයි, ඒ කොල්ලා ගියා ගියාමයි ආයේ ආවේ නෑ.. මෙතැන තිබ්බේ වෙනින්ම සම්බන්ධයක්.

කොහොමත්ම මේක සමතේකට පත්කරගන්න බැරිද ?
ඒගොල්ලොන්ගේ ගෙදරින් ඩිවෝස් එක දැම්මට මම ඩිවෝස් එක දුන්නේ නෑ. කරුණු 12ක් දාලා තිබුණා. ඒවයින් 2ක් ඔප්පු කරන්න පුලුවන්, මගේ අම්මාගේ තිබ්බ ප්‍රශ්නෙයි එයාගේ අම්මට බැන්න එකයි, අනිත් කරුණු 10 ඔප්පු කරන්න බෑ, එවාගේ තියෙනවා මම ශේෂාද්‍රිට ගහනවා, වෙන සම්බන්ධකම් තියෙනවා, ශේෂාද්‍රි ගැබ්ගෙන හිටියම මම එයාගේ බඩට ගැහුවා කියලා අමානුෂික දේවල් කියලා තියෙනවා. මම එහෙම තිරිසනෙක් නෙවෙයි.

එදා රූම් එකට යනකම් හිතුවේ නෑ මම බැන්ද ශේෂාද්‍රි මේ වගේ දෙකේ පන්තියට වැටෙයි කියලා. සමාව දෙන්න බැරි වැරැද්දක් තමයි මේක. මගේ ජීවිතේ අංක එකට තිබ්බේ කසාදේ, මගේ වැරැද්දක් තිබ්බානම් ඒක හදාගෙන්න මම බැලුවා. මේ කසාදේ වෙනුවෙන් ඕනි දෙයක් කෙරුවා. මට ඩිවෝස් එක දෙන්න හදිස්සියක් නෑ, අර කරුණු 10 ඔප්පු කළාට පස්සේ මම හිතලා බලනවා ඒ ගැන. 

ශේෂාද්‍රි කියන්නේ හොඳ කෙල්ලෙක්, මම කසාද බැඳපු මනුස්සයා හැටියට එක දන්නවා, ලැජ්ජාවට හරි බයයි, හැබැයි එයාලගේ පවුලේ කෙනෙක් මට, ඒ කියන්නේ සම්පත්ට පාඩමක් උගන්වන්න තමයි මේ දේ කළේ, මේ දේවල් බොරුනම් කියන්න.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දැනගැනීමට හිරු ගොසිප් අප ශේෂාද්‍රි සම්බන්ධ කරගැනීමට කිහිපවතාවක්ම උත්සාහ කළත් ඇය දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

සිද්ධිය වූ මහල් නිවසේ කාමරය



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels