Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Five year old boy try to kidnap in eppawala  

තනියම ඉද්දී ගෙදර ආ ආගන්තුකයින් කරන්න ගිය 
වින්නැහියෙන් බේරුණු හැටි 
කතක් කියයි - වීඩියෝ

‘‘මම ගෙට යන්න හදනකොට දකුණු උරිසෙන් ඇල්ලුවා,
කෑ ගැහුවොත් කට බැඳලා මරමු කීවා,
එකෙක්ට වැලමිටෙන් ගහලා දොර වහගත්තා‘‘


නිධානයක් ලබා ගැනීමට බිලිදීම සදහා පස් හැවිරිදි පිරිමි දරුවෙකු පැහැරගෙන යාමට ගත් උත්සාහයක් අසාර්ථක වීමේ පුවතක් එප්පාවල - කැලේඅමුණුකොළය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම නිවසට පසුගියදා (10) පස්වරු 7.00 ට පමණ නාඳුනන  පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබෙනවා.

ඔවුන් නිවසට පැමිණ ඇත්තේ කාන්තාවගේ ස්වාමි පුරුෂා පිළීබදව විමසමින්. පසුව එම නිවසේ සිටි දරුවා පැහැරගැනීමට තැත්කර තිබෙනවා. එහිදී දරුවා පැහැර ගැනීම වළක්වා ඇත්තේ දරුවාගේ මව විසින්..


‘‘අයියා වැඩ ඇරිලා ආවේ නෑ තවම කියලා මම ගෙට යන්න හදනකොට මගේ දකුණු උරිසෙන් අල්ලලා පුතා ඉන්නවද ඇහුවා. මම කෑ ගහන්න ගත්තම කොණ්ඩෙන් හයියෙන් ඇඳලා අනිත් කෙනාට කීවා මචං පරක්කු වෙනවා උඹ ළමයා ගනින් කියලා, ඕකි කෑ ගැහුවොත් කට බැඳලා මරමු කීවා, දරුවා ගන්න යනකොට මම උගේ ජැකට් එකෙන් ඇදලා ගත්තා, ඌ මගේ කකුල් දෙකේ පැටලිලා වැටුණා, අනිත් කෙනාට මම වැලමිටෙන් ගහලා කාමරේ දොර වහගත්තා,  ඇතුලට ගිහින් අයියාට කෝල් එකක් ගත්තම උන් කොහොම හරි යන්න ගිහින්, ‘‘

ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල කළත් ඔවුන් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරන බවට ඇය පවසා සිටියා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels