Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Avant gaurd agreements abolished on Presidents instructions  

ඇවන්ගාඩ් ගිවිසුම අහෝසියි - 
සියලු කටයුතු නාවික හමුදාවේ භාරයට

පසුගිය සතිය පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්ව තිබූ ඇවන්ගාඩ් සමාගම සමඟ පවතින ගිවිසුම අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදි මෙම තීරණය දැනුම් දුන් බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ. 
මේ අනුව එම සමාගම සතුව පවතින අවි ආයුධ නාවික හමුදාව වෙත පැවරීමටද ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. මෙම සාකච්ඡාවට නීතිපතිවරයා මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින්ද එක්වුණා.  

ඇවන්ගාඩ් සිද්ධිය මුල් කරගනිමින් තිලක් මාරපන ඉල්ලා අස්වීමෙන් හිස් වූ නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. එසේම තිලක් මාරපන අමාත්‍යවරයා දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විෂයට අදාළව නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී.එම්.ස්වාමිනාදන්.
ගාලූවරායේදී පරීක්ෂාවට ලක් කළ ඇවන්ගාඞ් නෞකාවේ තිබූ ගිනි අවි 816 ක් යුද හමුදාව , රක්නාලංකා ආරක්ෂක සමාගම වෙත විකුණන ලද ඒවා බව එම අවි පරීක්ෂා කළ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ ඒකකය ද අනාවරණ කරගෙන තිබෙනවා. එමෙන්ම, එහි තිබූ ගිනි අවි 20 ක් අතුරුදන්වී ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ.
එමෙන්ම, නෞකාවේ තිබී සොයා ගත් ගිනි අවි 59 ක් පිළිබඳව සැක මතුවන බව ද කොමිසම සඳහන් කළා.
බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරීන් ගාල්ල වරාය ආසන්න මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන පසුව පරීක්ෂණ සඳහා පොලීසියට භාරදුන් ඇවන්ගාඩ් නෞකාව ඔවුන් පරීක්ෂාවට ලක් කළා. 

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels