ජනපති ඝාතනයට ප්ලෑන් කළ,
මාලදිවයිනෙන් ඇල්ලුව ලංකාවේ ස්නයිපර් ගැන
තොරතුරු හෙළිවෙයි
මාලදිවයිනේ දී අත්අඩංගුවට ගත් මෙරට හමුදා පුහුණුව ලැබූ ස්නයිපර් තුවක්කුකරු එරට ජනාධිපති ඝාතන ක්‍රියාවලියේ එක්තරා කොටසකට සම්බන්ධ අයෙක් බව මාලදිවයින් පොලීසිය පවසනවා.
පසුගිය දා මාලදිවයිනේ දූපත් කිහිපයක සිදුකළ විශේෂ විමර්ශනයකදී රජයේ හමුදාවට අයත් තුවක්කු දෙකක් සහ ස්නයිපර් උණ්ඩයක් එරට ආරක්ෂක අංශ සොයා ගත්තා. එය මෙතෙක් මාලදිවයින මෑත ඉතිහාසයේ සොයාගත් විශාලතම අවි තොගය ද වනවා. එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි මෙම ශ්‍රී ලාංකික ස්නයිපර් තුවක්කුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් කොමසාරිස් අබ්දුල් නවාස් සඳහන් කළේ අදාළ පුද්ගලයා මේ වන විට මාලදිවයින් පොලිස් භාරයේ පසුවන බවයි.
මේ සම්බන්ධයෙන් මාලදිවයින් මාධ්‍ය පසුගිය දා විශේෂ වාර්තාවක් නිකුත් කර තිබූ අතර, පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ද විමසීමක් කළා. එහි ප්‍රකාශිකා මහේෂිනී කොළොන්න, පසුගිය 24 වැනිදා ශ්‍රී ලාංකිකයෙකු මාලදිවයිනේදී අත්අඩංගුවට පත්ව ඇති බව තහවුරු කළා.
මාලදිවයින් ජනාධිපති ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් දෙහිවල - නැදිමාල ප්‍රදේශයේදී නොවැම්බර් 1 වන දා මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණා.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශිකා මහේෂිනී කොළොන්න සඳහන් කළේ අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා පිටමං කිරීමට ආගමන විගමන නිලධාරීන්ගත් පියවර ගැටළුකාරී බවයි.
කෙසේ වෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, ලක්ෂාන් සොයිසාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට තම දෙපාර්තමේන්තුවේ පූර්ණ සහාය ලබාදෙන බවයි.
මේ අතර, මාලදිවයින් ජනාධිපති ඝාතන තැත සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මාලදිවයින තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. එය 4 වනදා මධ්‍යහනේ සිට දින 30ක් ක්‍රියාත්මකයි. මාලදිවයින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් කොමසාරිස් අබ්දුල්ලා නවාස් සඳහන් කළේ ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු මාලදිවයිනේ සිටින ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑමක් නොවන බවයි.

Post a Comment