හිටපු කොටි 110 ක්
බන්ධනාගාරයෙන් එළියට දමන බවට
ඉඟියක්
බන්ධනාගාරගතව සිටින LTTE සබඳතා සහිත සැකකාර රැදවියන් තිස් දෙදෙනෙකු ලබන සඳුදා නිදහස් කිරීමට ඉඩ ඇති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා අතර ඊයේ (05) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳ තීරණයක් ගෙන ඇති බවයි ඔහු සදහන් කළේ. මීට අමතරව තවත් 30 දෙනෙකු ලබන මස 20 වන දාට පෙර නිදහස් කෙරෙනු ඇති බව ඔහු එහිදී කියා සිටියා.
කොළඹ - මැගසින්, අනුරාධපුරය සහ මඩකලපුව බන්ධනාගාරවල සිටින LTTE සැකකරුවන් ඇතුළු දෙමළ රැඳවියන් පිරිසක් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගියදා දින 6 ක උපවාසයක නිරත වුණා. මෙම උපවාසයට දෙමළ රැඳවියන් 150 දෙනෙකු පමණ එක්ව සිටි අතර, ඔවුන්ගේ ගැටලූවලට කඩිනම් විසඳුම් ලබාදීමේ රජයේ පොරොන්දුව මත එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
මේ අතර, ත්රස්තවාදී චෝදනා යටතේ දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින දෙමළ රැඳවියන් සියලූදෙනාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා උතුරු පළාත් සභාව ඊයේ යෝජනාවක් ද සම්මත කරගෙන තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment