නිවුන් සොයුරන් මුඛයේ රඳවාගෙන උපන්
බිළිඳා විශ්මිත සැත්කමකින්
බේරූ වෛද්‍යවරු - Photos
වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක ව සිදුකිරීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්ව තිබේ.
මහමෝදර රෝහලේ දී උපත ලැබූ මේ දැරියට සැත්කම කර ඇත්තේ උපත ලබා 3වන දිනයේදීයි. කුසේ සිටින දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර මව සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට කටයුතු කර තිබිණි.
උපත ලැබුවේ දැරියක් වන අතර ඇගේ කටේ විශාල ගෙඩියක් එල්ලෙමින් තිබිණි. මේ හේතුවෙන් ඇගේ කට වැසිය නොහැකි වී ඇති අතර දැරියට මව් කිරි බීමට ද හැකියාවක් තිබී නැත.
ශල්‍ය කර්මයෙන් ගෙඩිය ඉවත් කළ පසු පෙනී ගියේ එය ගෙඩියක් නොව වර්ධනය නොවූ කලළයක් බවයි. එම කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කළ අතර එහි එක් කලලයක් නොව වර්ධනය නොවූ කලල දෙකක් ඇති බව දැනගන්නට ලැබී ඇත.
වෛද්‍යවරු පවසන්නේ මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් බවයි. සැත්කමින් පසු දැරිය ඉතා හොඳින් සිටින බවත් දැන් මවගෙන් කිරි උරා බොන බවත් වෛද්‍යවරු පවසයි..
Post a Comment