පැකර්ගෙන් පස්සේ ලංකාවට එනවැයි කියන
එංගලන්තෙම ආර්ථිකය කඩාවැට්ටූ
‘‘සෝරොස්‘‘ගේ පැටිකිරිය
ලෝකප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වූ ජේම්ස් පැකර් පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව තුළ ඔහුගේ ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කළත් නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව ඔහුගේ ව්‍යාපාරයන් ලංකාව තුළ ආරම්භ කිරීම නවතා දැමුණා. කෙසේ නමුත් පසුගියදා අනුර කුමාර දිසානායක පවසා සිටියේ මේ වන විට නව රජයෙන් ‘‘ජෝර්ජ් සොරොස්‘‘ නම් අයෙකු ලංකාවේ ආර්ථිකයට සම්බන්ධ කිරීමට කටයුතු කරන බවයි.
85 හැවිරිදි ජෝර්ජ් සොරොස් හංගේරියාවේ උපත ලද ඇමෙරිකානු ජාතිකයෙක්. ඔහු ලෝක ජනමාධ්‍ය වල ප්‍රවෘත්ති මවන්නෙකු බවට පත්වන්නේ 1992 වසරේ දී.
ඒ එම වසරේ සැප්තැම්බර් 16 වන බදාදා ජෝර්ජ් සොරොස් එංගලන්ත බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වටිනා පවුම් කොටස් වෙළෙද පොළ හරහා අඩු මිලට මිලදී ගැනීමත් සමඟයි.
එම මිලදී ගැනීමෙන් ජෝර්ජ් සොරොස් එක් දිනයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ලාබයක් උපයද්දී එංගලන්තයේ ආර්ථිකයම කඩා වැටෙනවා. කළු බදාදා ලෙස හැදින්වුණු එදින සිට එංගලන්ත බැංකුව බංකොලොත් කළ පුද්ගලයා ලෙස විරුධාවලිය ලත් සොරොස් ලොව රටවල් කිහිපයක ආර්ථික කඩාවැටීම් පසුපස සිටන බවට චෝදනා ලැබුවෙක්.
ලොව ධනවත්ම පුද්ගලයින් 30 දෙනා අතර වැජඹෙන සොරොස්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 24 ක්. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ජෝර්ජ් සොරොස් ලොව ප්‍රචලිත ග්‍රන්ථ රැසක ද කතුවරයෙක්.
මාධ්‍ය තුළ ඔහු අද හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කරන්නෙකු සහ සමාජ සේවයට මුදල් වැය කරන්නෙකු ලෙසයි.
Post a Comment