ලක්ෂ හතරේ ගාණ 19,000කට අඩුකරපු හැටි
නදීෂා කියපු කවුරුත් නොදන්න කතාව - වීඩියෝ
19,000යි කීවම දණගහලා වැන්දලු
නදීෂා හේමමාලි කියන්නේ අන්තර්ජාලයේ පුවත් මවන නිලියක් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් ඇය ගැන වෙනස්ම විදියේ පුවතක් පසුගිය දවසක අපිට දැනගන්න ලැබුණා. ඒ ලක්ෂ 4ක දඩයක් රුපියල් 19,000කට අඩු කරලා වැරැද්දක් වෙනුවෙන් ගෙවපු විදියක් ගැන.
හැබැයි මේ වැඩේ වෙලා තියෙන්නේ ලංකාවේ නම් නෙවෙයි. බැංකොක් නගරයේදී. ජෙට්ස්කී සවාරියක් යන්න නදීෂයි යාලුවෝ ටිකයි ගිහින් ඒ වෙලාවේ පැදපු පැදිල්ලට ජෙට්ස්කී 2ක් මෙයාලා අතින් හැප්පිලා. දඩේ රුපියල් ලක්ෂ 4යි. හැබැයි ගෙවන්න සල්ලි නැති නිසා එතන අය මෙයාලව පොලිසියට එක්ක යන්න හදලා. වැඩේ දුරදිග යන නිසා නදීෂා මොලේ පාවිච්චි කරලා මේ ගාන අඩුකරගන්න ප්ලෑන් එකක් ගහලා තියෙනවා.
කොහොම හරි හෝටලේ බුක් කරලා තිබ්බ කාමර 4ම ගැන දැනගත්තොත් සල්ලි තියෙනවා කියලා දැනගන්න හින්දා ගෙනාපු බඩු ටිකත් එක රූම් එකකට දාලා අපිට තියෙන්නේ මේ බඩු විතරයි, ඔක්කොමලා නතරවෙලා ඉන්නේ එකම රූම් එකක, අනේ කොහොම හරි ගාන අඩුකරන්න කියලා නදීෂා කියලා තියෙනවා. හැබැයි මේ අයනම් ගාන අඩුකරන්නම බෑ කියලා.
එතනින් පස්සේ මොකද වුනේ කියලා පහත වීඩියෝවෙන්ම බලන්න.....
Post a Comment