Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Cultural Disparity: Dipsomaniac Husband Kills Wife over Denim Trouser - Photos  

බිරිඳ ඩෙනිමක් ඇඳන් හිටියාට මරු විකල්වී 
පොල්ලකින් ගසා දියණිය ඉදිරියේ 
ඇයව මැරූ බීමත් සැමියා - Photos

හැමදාම රණ්ඩු නිසා
අසල්වැසියෝ 
සද්දෙ ඇහුණත් පාඩුවේ ඉඳලා
බිරිය ඩෙනිම් වර්ගයේ කලිසමක් හැඳ සිටියායැයි කියමින් ප්‍රකෝපකාරීවූ බීමත් සැමියා අමානුෂික වධ හිංසා දී යකඩ පොල්ලකින් ගසා පෙරේදා( 04) රාත්‍රියේ ඇයව ඝාතනය කොට ඇති පුවතක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වෙනවා.
පන්සල පාර උයන්වත්ත මුතුගල පදිංචි තරංගා නිරෝෂිනී කුමාරි මුණසිංහ නොහොත් අමිලා නැමැති දෙදරු මවක් එසේ සිය සැමියා විසින් ඝාතනය කර තිබේ. නිරන්තර ආරවුල් පවතින මෙම නිවසෙහි සෑමදිනම කෑගැසීම හේතුවෙන් අසළ පිහිටි නිවෙස්වල වැසියන් මෙම සිදුවීමත් නොසලකාහැර තිබේ.

බාල දියණිය මෙම සිදුවීම වන අවස්ථාවේ නිවසේ රැඳී ඇති අතර අනෙක් දැරිය මීට මාස කිහිපයකට ප්‍රථම යම් සිදුවීමක් සම්බන්ධව පරිවාස භාරයට පත්කොට ඇත. සිද්ධිය සම්බන්ධව මියගිය කාන්තාවගේ සැමියා මේ වන විට සැකපිට ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් බන්ධුල විජේසිංහ මහතා සිද්ධිය වූ නිවසට ගොස් ස්ථානීය පරික‍ෂාවත් පසුව දඹදෙනිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත්කොට තිබූ දේහයත් සිය නිරීක‍්ෂණයට ලක්කොට මූලික මහේස්ත්‍රාත් පරීක‍ෂණය සිදු කළ අතර වැඩිදුර පශ්චාත් මරණ පරීක‍ෂණ සඳහා මෘත දේහය කුලියාපිටිය මූලිකරෝහලටත් යොමුකරන ලෙස නියම කළේය.





0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels