සැමියා මරා බිරිඳට හා දියණියට
තුවාල කළ තිදෙනෙකුට මරණ දඬුවම
වතු මුරකරුවෙකු ඝාතනය කර ඔහුගේ බිරියට සහ 13 වැයැති දියණියට බරපතල තුවාල සිදු කිරිමේ චෝදනාවට වරදකරු වුණු තුන්දෙනෙකුට හලාවත මහඅධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා විසින් ඊයේ ( 5 දා ) පස්වරු මරණ දඩුවම නියම කර තිබේ.
මරණ දඩුවම නියමවූයේ පරමජෝති අජිත් ශාන්ත සහ සංජිව කුමාර යන අයයි. නඩුවේ සිවවන විත්තිකරු වූ පෝරුගම ආරචිචිලාගේ සිරිවර්ධන නොහොත් රත්නේ නමැති අයට එරෙහිව නගා ඇති චෝදනා ඔප්පු නොවු නිසා ඔහුව නිදොස් කර නිදහස් කර තිබේ.
1999 අප්‍රේල් මස 10 වන දින ඊට ආසන්න දිනයක දි හෝ හලාවත ප්‍රදේශයේදී වර්ණකුලසුරිය පතිරුන්නැහැලාගේ ශාන්ත ගුණතිලක නැමැති තිදරු පියකු කපා කොටා ඝාතනය කිරීම, බිරිය හා දියණියට බරපතල තුවාල කිරිම යන චෝදනා නගා තිබේ.
අදාල වත්තේ මුරකරු එම වත්තේ පොල් සොරකමක් සම්බන්ධයෙන් විත්තිකරුවන් සමග පැවැති ආරවුලක ප්‍රතිඵලයක් ලෙසින් මෙම මිනිස් ඝාතනය සහ තුවාල කිරිම් සිදු කර තිබු බව පැමිණිල්ලේ සාක්කි අනුව සනාථ කර තිබුණි.
උපුටාගැනීම
Post a Comment