Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

'Jihadi John' Believed Killed in US Drone Strike - VIDEO  

මුහුණ වසාගෙන ගෙළ සිඳදමන 
ලොවක් හෙල්ලූ ISIS අළුගෝසුවා, 
‘‘ජිහාඩ් ජෝන්‘‘ ඝාතනය කෙරේ - වීඩියෝ

වාහනයකට නගිද්දී ඉලක්කයටම මිසයිලය වැදිලා,දැනට දහස් ගාණකගේ බෙල්ල කපලාලු

ලොව පුරා බොහෝ පිරිසක් අතර අප්‍රසාදය දිනාගනිමින් ත්‍රස්තවාදී ක්‍රියා රාශියකට වගකිව යුතු ISIS ත්‍රස්තයින්ගේ ප්‍රධාන අළුගෝසුවා වන ‘‘ජිහාඩ් ජෝන්‘‘ ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් මියගොස් ඇති බවට වාර්තා වෙනවා. පසුගිය කාලයපුරා නිකුත් කල ගෙල සිඳ මරාදමන වීඩියෝ රාශියක පෙනී සිට ඇත්තේ මොහු වන අතර එහිදී ඔහුගේ මුහුණ ආවරණය කරගෙන සිටීම නිසාවෙන් හඳුනාගත නොහැකිව තිබුණා.

කෙසේ නමුත් පසුව ඔහුගේ ඡායාරූප, කුඩා අවධිය මෙන්ම පාසැල් කාලය පිළිබඳව තොරතුර හෙළිදරව් කරගැනීමට සමත් වී තිබෙනවා. කුඩා කල ලන්ඩන් නගරයේ ඉගෙනුම ලබා ඇති මොහු පාසැල් කාලයේ ඉතා නිහඬ චරිතයක් ලෙසයි කාලය ගතකර ඇත්තේ.


ආගම දහමට වඩා පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් දක්වා ඇති මොහු පාසැලේ ඉතා උනන්දුවෙන් වැඩකටයුතු කර තිබෙනවා. ඔහු වැඩියෙන්ම ආශා කල පරිගණක ක්‍රීඩාව වී ඇත්තේ Time to Kill නම් ක්‍රීඩාවයි. එමෙන්ම කැමතිම ග්‍රන්ථය වී ඇත්තේ How to Kill a Monster නම් පොතයි.

කුවේට් හි උපතලබා ඇති මොහු වයස අවුරුදු 6දී එංගලන්තයට පැමිණ ඇත. එහිදී අන්තවාදීයෙකු ලෙසින් 2012 වසරේදී සිරියාවට පැනගොස් ඇති මොහු 12 වතාවක් පොලිස් අත්අඩංගුවට පත්වීමට ගොස් ඇත. නමුත් එම සෑම අවස්ථාවකම ඔහුට එයින් මිදී පලායන්නට හැකිවී ඇත.

ඔහුගේ පියා කුලී රථ රියදුරෙකු වන අතර එංගලන්තයට එනතුරත් කිසිදු ඉංග්‍රීසි දැනුමක් ඔහුට නොවීය. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට පිවිස ඇති මොහු එහිදී අන්තවාදීන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ඇත. ඉන් අනතුරුව ඔහු ISIS ත්‍රස්තයිගේ කල්ලියට එකතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

ඇමරිකානු හමුදා විසින් ඉලක්ක කර එල්ලකරන ලද ඩ්‍රෝන් ප්‍රහාරයකින් මොහු මියගොස් ඇත්තේ සිරියාවේ රකා නගරයේදී වාහනයකට නගින්නට යන අවස්ථාවකයි. එම ප්‍රහාරය ඉලක්ක කර එල්ල කළ නිසාවෙන් ඔහුට පමණක් වැදී ඇති අතර අසල සිටි පිරිස් එයින් තුවාල ලබා බවත් විදෙස් වාර්තා පවසනවා.

මේ වන විට ඔහු මරා ඇති අය අතර ඇමරිකානු මාධ්‍යවේදීන් මෙන්ම බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ද රැසක් වනවා.







උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels