මුරලිට, අක්තාර්ට කරකියාගන්න නැතිවෙන්න
සංගා පිට්ටනිය වටේ ගැහුව
6 පාරවල් 6 - වීඩියෝ
ලෝකප්‍රකට ක්‍රිකට් තරු සමඟින් පැවැත්වෙන All Stars ක්‍රිකට් තරඟාවලියේ දෙවන 20 20 තරඟය ඊයේ පැවැත්වුණා.
එහිදී ජයග්‍රහණය හිමිකරගත්තේ ශේන් වොන්ගේ පිලයි. මෙම තරඟයේදී සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පන්දු 30කින් ලකුණු 70ක් රැස්කරමින් අගනා ඉණිමක් ක්‍රීඩා කිරීමට සමත්වුණා. එයට 6 පහරවල් 6ක් හා 4 පහරවල් 6ක්ද ඇතුලත්.
පන්දු වාර 20 අවසානයේ ඔවුන් ලකුණු 262ක් රැස්කළ අතර සචින්ගේ පිලට ලබාගත හැකිවුණේ ලකුණු 205ක් පමණයි.
සංගක්කාරගේ සුපිරි පිතිහරඹයේ වීඩියෝව පහතින් නරඹන්න....

Post a Comment