ගාල්ල පිට්ටනියේ තණතිලි භාරකරු
වර්ණවීරට වසර 2ක ක්‍රිකට් තහනමක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ තණතිලි භාරකරු මෙන්ම, ගාලූ ක්‍රිකට් සමාජයේ තනතුරු රැසක් හෙබවූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජයානන්ද වර්ණවීරට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලය මගින් පනවා ඇති මෙම තහනමට අනුව ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම මෙන්ම, ක්‍රිකට් පරිපාලනය සහ නියෝජනයද තහනම් වනවා.
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන ඒකකය මගින් ජයානන්ද වර්ණවීර සාකච්ඡා දෙකක් සඳහා කැඳවා තිබුණා. කෙසේ නමුත්, ඔහු ඒවාට සහභාගි වී නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලය ජයානන්ද වර්ණවීරට එරෙහිව වසර දෙකක තහනමක් පැනවීම සඳහා හේතු ලෙස දක්වා ඇත්තේ එම කරුණයි.
Post a Comment