අම්මට පෙම්බඳින්න ඇවිත්
දුවට ළමයෙක් දුන්නු පාපතරයා
වයස අවුරුදු 17 ක් වන තරුණියක් බලහත්කාරයෙන් දූෂණය කර ඇය මවක් බවට පත් කළ එම තරුණියගේම සුළු පියාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත පොලිස් වසමේ මුගුණුවටවන - රඹේපිටිය පදිංචිකරුවකු වන 48 හැවිරිදි අයෙකුයි.
කටුනායක ඇඟළුම් කම්හලක සේවය කරමින් සිට ඇති තරුණිය රෝගී තත්ත්වයට පත්වීම නිසා එම ආයතනයේ බලධාරීන් විසින් නිවසට එවා ඇති අතර පසුව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති ඇය පසුගිය 14 වැනිදා ගැහැණු දරුවෙකු ප්රසූත කර ඇත. රෝහල් බලධාරීන් විසින් දරුවාගේ පියා සම්බන්ධයෙන් විමසූ විට තමන්ට සිදුවූ අතවරය සම්බන්දයෙන් ඇය තොරතුරු හෙළිකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අතවරයට පත්ව ඇති තරුණියගේ මවගේ දෙවැනි ස්වාමි පුරුෂායා හෙවත් සුළු පියාය. පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක සැකකරු මෙම තරුණියට පහර දී ඇයව ඝාතනය කරන බවට බිය කර පළමුවරට දූෂණය කර ඇත. පසුව නැවත වතාවක් පසුගිය ජනවාරි මස 15 වැනිදාද නිවසේදීම තමන්ව සැකකාර සුළු පියා විසින් දෙවතාවක් දූෂණය කළ බව තරුණිය පවසා ඇත.
මේ බව කිසිවෙකුට පැවසුවහොත් තමන්ව මරා දමන බවට සැකකාර සුළු පියා පැවසුවේ යැයිද සියල්ල සඟවා ගැනීමේ අරමුණින් කටුනායක ඇඟළුම් කම්හලක සේවය සදහා ගිය බවද ඇය පොලීසිය හමුවේ පවසා ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Post a Comment