SF ලොකූ ෆේස්බුක් දැම්ම වීඩියෝව
පත්තුවෙයි
අනුරාධපුර රාත්‍රී සමාජශාලාවක හිමිකරු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ සැකකාර ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා අන්තර්ජාලයට මුදා හැර ඇති පාපොච්චාරණය සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට අද නියෝග කළා.
අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ වැඩිදුරටත් නියෝග කළේ අපරාධය සිදුවන අවස්ථාවේ අදාළ රාත්‍රී සමාජ ශාලාවේ ක්‍රියාත්මකව පැවති CCTV කැමරා දර්ශන සම්බන්ධයෙන් ද විද්‍යාත්මක විස්තර සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි..
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අධිකරණයට සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment