Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Bomb blast at kekirawa town robber death update  

බෝම්බය පුපුරා කැකිරාවේ දී මියගිය 
බැංකු කොල්ලකරුගේ 
කළින් පැටිකිරියත් හෙළිවෙයි - CCTV දර්ශන

‘‘ගිය මාසෙත් බෝම්බයක් අරන් දඹුල්ලේ බැංකුවකට ගිහින්,සල්ලියි, සේවකයෙකුයි උස්සන් පැනලා‘‘

කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට ඊයේ දහවල් සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලැබූ අතර මෙලෙස අත්බෝම්බයක් රැගෙන පැමිණ ඇත්තේ මීට පෙර දඹුල්ල ප්‍රදේශයේ බැංකුවට බෝම්බයක් රැගෙන මංකොල්ලකෑමක් සිදුකළ පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දඹුල්ල සිදුවීමේදී මොහු විසින් බැංකුවේ සේවකයෙකු රැගෙන ගොස් මඟ අතහැර ගිය අතර ඔහු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ආරම්භ කෙරුණා. ඒ තිබියදීයි මොහු නැවත කැකිරාව ප්‍රදේශයේ බැංකුවක් මංකොල්ල කෑමට පැමිණ ඇත්තේ.


පෙර සිද්ධියේදී පැහැරගෙන ගිය බැංකු සේවකයා දඹුල්ල බුලාගල ප්‍රදේශයේ අතහැර දමා ගොස්‌ සිටියදී පොලිසිය විසින් සොයාගත් අතර කොල්ලකරු බැංකුවට කඩා වැදී ඇත්තේ එදින උදෑසන 9.50 ට පමණයි. බස්‌ රථයකින් පැමිණ බැංකුවට ඇතුළු වී ඇති කොල්ලකරු සිය ගමන් බෑගයේ තිබූ අත් බෝම්බයක්‌ ගෙන බැංකු සේවකයන්ට මරණීය තර්ජන එල්ල කර තිබෙනවා.

පසුව මුදල් අයකැමි සතුව තිබූ රුපියල් අට ලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ලකාගත් කොල්ලකරු බැංකු සේවකයකු ද ප්‍රාණ ඇපයට ගෙන බැංකුව ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක්‌ ද පැහැරගෙන පලා ගොස්‌ තිබෙනවා. පසුව දඹුල්ල බූලාගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය සහ බැංකු සේවකයා අතහැර දැමූ කොල්ලකරු මුදල් බෑගය ද රැගෙන මගී බස්‌ රථයක නැඟී පලාගොස්‌ තිබෙනවා.

අත්බෝම්බයක් රැගත් පුද්ගලයා දෙවනිවර කැකිරාවේ බැංකුව කොල්ලකෑම සඳහා ඊට ඇතුලුවීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු නැවැත්වීමට බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර තිබෙනවා.
එහිදී මෙම පිපිරීම සිදුව ඇති අතර, අත්බෝම්බය රැගත් පුද්ගලයා මෙන්ම ආරක්ෂක නිලධාරියාද පිපිරීමෙන් මියගියා.

පෙර සිදුවීමේ CCTV වීඩියෝව පහතින්....



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels