මහින්ද බංකරේ ගැන කීව කතාවට
ෆොන්සේකා පිළිතුරු දෙයි - වීඩියෝ
ජනාධිපති මන්දිරයේ භූගත නිවාසයක ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවැති බවක් තමන් නොදන්නා බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ගාල්ල - මීපාවල ප්‍රදේශයේ පැවැති ක්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා කිසිදිනෙක එවැනි භූගත නිවාසයක පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමකට එක්නොවූ බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා එම භූගත නිවාසය පිළිබඳව පළ කළ අදහසකට පිළිතුරු ලෙසයි.
කෙසේ වෙතත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ පසුගියදා සඳහන් කළේ ජනපති මැදුරේ භූගත නිවාසවල ආරක්ෂක මණ්ඩලය පවා රැස්වූ බවයි.
උපුටාගැනීම

Post a Comment