බොක්සිං පහරකින් අවාසනාවන්ත ලෙස
මහනුවරදී මියගිය
පාසැල් සිසුවිය - වීඩියෝ
මහනුවර - පල්ලේකැලේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති අන්තර් පාසල් බොක්සිං තරඟාවලියකදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගේ පහර කෑමට ලක්ව දින 11 ක් ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 30 වනදා මෙම තරඟය පැවති අතර, එහිදී මෙම සිසුවිය පහරකෑමට ලක්ව ඇතුළත් කෙරුණේ මහනුවර මහ රෝහල වෙතයි. එහි දැඩි සත්කාර ඒකකයේ ඇය පෙරේදා දිනය දක්වා ප්‍රතිකාර ලැබුවා.
මෙලෙස මියගියේ රත්නපුර සීවලී මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන 17 හැවිරිදි සිසුවියක්.
උපුටාගැනීම

Post a Comment