ජනපති ඝාතනයට ප්ලෑන් කළ
ස්නයිපර් ලංකාවේ කෙනෙක්
නෙවෙයිලු
මාලදිවයින් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකික ස්නයිපර් තුවක්කුකරු, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අප කළ විමසීමකදී හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ දැනට වාර්තා වන තොරතුරුවලට අනුව ඔහු හිටපු හමුදා සාමාජිකයෙකු ද නොවන බවයි.
මාලදිවයිනේ දී අත්අඩංගුවට ගත් මෙම ස්නයිපර් තුවක්කුකරු එරට ජනාධිපති ඝාතන ක්‍රියාවලියේ එක්තරා කොටසකට සම්බන්ධ අයෙක් බව මාලදිවයින් පොලීසිය ප්‍රකාශ කර තිබුණා.
එම වාර්තාවල දැක්වුණේ ඔහු මෙරට හමුදා පුහුණුව ලැබූ අයෙකු බවයි. සැකකරු මේ වන විට එරට ආරක්ෂක අංශ භාරයේ පසුවනවා.
මේ අතර, මාලදිවයින් ජනාධිපති ඝාතන ප්රයත්නය සම්බන්ධයෙන් දෙහිවල - නැදිමාල ප්‍රදේශයේදී දී නොවැම්බර් 1 වන දා මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණා.
උපුටාගැනීම
Post a Comment