ඇවන්ගාඩ් සිද්ධිය යට මාධ්‍ය ආයතනයක්.
ෆොන්සේකා - විජයදාස සීතල යුද්ධයක් - වීඩියෝ
ෆිල්ඩ් මාර්ෂල් කියන්නේ ‘‘වෙල් විදානේ‘‘ලු
ෆොන්සේකාට ඕනි නිසා ගෝඨා ඇතුලට ගන්න ගියත්,
අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑලු
‘‘විජයදාස ඇවන්ගාඩ් රකිනවා‘‘ - ෆොන්සේකා
පසුගියදා තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් සමඟින් මේ වන විට ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙල්ල කිරීමට නොහැකි වූ තමන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කෙසේ මෙල්ල කරන්නේ දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න කරනවා.
ඔහු කියා සිටියේ රුපියල් මිලියන 500ක වන්දියක් අධිකරණ අමාත්‍යවරයාට ගෙවීමට තමන් සූදානම් නොමැති බවයි. රුපියල් 50,000ක පඩියක් ගන්නා තමන් මිලියන 500ක් ගෙවන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළා.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, කොළඹ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදියි.
පෙරේදා ප්රජාතන්ත්රවාදී පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට එල්ල කළ චෝදනා ඊට හේතු වී තිබුණා. එහිදී සරත් ෆොන්සේකා පවසා සිටියේ මෙම ඇවන්ගාඩ් සිද්ධිය පිටුපස එම සිද්ධියට වසාදමන්නට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවයි. ඒ අතර විජයදාස රාජපක්ෂද සිටින බවට ඔහු පවසා සිටියා.
කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ පවසා සිටියේ ඇවන්ගාඩ් සිද්ධියට ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට සරත් ෆොන්සේකා ඇතුළු තවත් පිරිසක් කටයුතු කරන නමුත් ගෝඨාට මෙම සිද්ධියට විරුද්ධව අත්අඩංගුවට ගතහැකි සාක්ෂි නොමැති බවයි..
එම අවස්ථාවේ වීඩියෝව පහතින්....
Post a Comment