ත්‍රීවිල් එකක් පැද්දට දරුවෙකු ඝාතනය කර,
වීඩියෝව අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කළ
නරුමයින් 6ක් එල්ලයි - වීඩියෝ
‘මට ගහන්න එපා එහෙම වුනොත් මම මැරෙයි‘‘
නරුමයින් 2ක් ඇල්ලුවත් 4ක් තාමත් එළියේ,
ඒත් මරණ දඬුවම
13 හැවිරිදි දරුවෙකුට කෲර වධදී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හයදෙනෙකුට බංග්ලාදේශ අධිකරණය මරණ දඩුවම නියම කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සොරකමක් සම්බන්ධයෙන් මෙම දරුවා අල්ලාගෙන කෲර ලෙස වදහිංසා පමුණුවා මරා දැමීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවයි.
මරණ දණ්ඩනය නියමවූ එක් විත්තිකරුවෙකුට මෙම දරුවා වධ දී මරාදමන ආකාරය වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවනවා. මෙම ඝාතනය සිදුව ඇත්තේ මේ වසරේ මුල් භාගයේයි.
ඔහු අන්තර්ජාලයට එක්කළ වීඩියෝවේ දරුවා කෑ ගසමින් පවසා ඇත්තේ ‘‘මට ගහන්න එපා එහෙම වුනොත් මම මැරෙයි‘‘ යනුවෙනුයි. පහරදුන් නිසා ඔහුගේ ශරීරයේ ස්ථාන 64කද තුවාල සිදුව තිබෙනවා.
මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් 13 දෙනෙකුට චෝදනා එල්ලවුණු අතර එයින් 3ක් නිදහස් කරනු ලැබුවා. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පසු රටින් පැනගොස් සෞදියේ සැඟව සිටයදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙහි සැකකරුවන් 4කට මරණ දඬුවම මේ වනවිට නියමකර තිබුණත් ඔවුන් තවමත් අල්ලාගැනීමට පොලිසිය සමත්වී නැහැ. එරට නීතිය අනුවයි අත්අඩංගුවට ගෙන නැතත් මරණ දඬුවම නියම කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින්.......
Post a Comment