පිළියන්දලදී ඩොක්ටර්ගේ පූල් එකට වැටී
අවාසනාවන්ත ලෙස
5 හැවිරිදි දරුවා මියගිය හැටි
සිද්ධිය CCTV කැමරාවේ
සීයා ළමයි බලාගන්න ඥාතියෙකුට දී ටවුමට ගිහින්
පිළියන්දල - දම්පේ පාර - සුවාරපොල ප්‍රදේශයේ නිවසක කුඩා පිරිමි දරුවෙක් නිවසක පිහිටි නාන තටාකයට වැටී දියේ ගිලී මියගිය පුවතක් පිළිබඳව වාර්තාවනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 5 යි මාස 8 ක වන දරුවෙකු වන ශවිඳු අයෝමාල් වේ.
දරුවාගේ මව හා පියා රැකියාවට ගොස් සිටි අවස්ථාවක මෙය සිදුව ඇති අතර දරුවන්ව බලාගන්නට දී ඇත්තේ සීයාටයි. ඔහු වෙනත් වැඩක් සඳහා දරුවන් ඥාතියෙකුට භාරදී හංවැල්ල නගරයට ගොස් ඇති මොහොතේ සවස 4ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත.
වැඩිමල් සොහොයුරා හා තවත් දරුවකු සමඟ මියගිය දරුවා අවසන්වරට සිට ඇති ඇත්තේ වෛද්‍යවරයෙකුගේ නිවසක් අසල වන අතර , නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටින අයුරු වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ සටහන්වී ඇත. එමෙන්ම මියගිය දරුවා වෛද්‍යවරයාගේ පිහිනුම් තටාකය දෙසට දිවයන අයුරුද සීසීටීවී කැමරාවේ සටහන්වී ඇති බවට වාර්තා වේ.
තමන් සමඟ සෙල්ලම් කළ මිතුරා නැවත නොපැමිණීම නිසා කෑ ගසා ඔහුට එන්නට කීවත් ඒ පිළිබඳව ප්‍රතිචාරයක් නැති නිසා මේ ගැන වැඩිහිටියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ද ගම්මුන් සමඟ එක්ව දරුවා සොයා ඇත.
පසුව වෛද්‍යවරයාද නිවසට පැමිණ මේ ගැන තොරතුරු දැනගෙන ඇති අතර ඔහුද දරුවා සොයන්නට කටයුතු කරන අතර වෛද්‍යවරයා සමඟ පැමිණි වෙනත් අයෙක් දරුවා පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු දැක ඇත.
පසුව වහාම ක්‍රියාත්මක වූ පිරිස් දරුවා රෝහලට රැගෙන යන්නට කටයුතු කළත් ඔහු අවාසනාවන්න ලෙස මියගොස් ඇත.

Post a Comment