Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Most venerable maduluwawe sobitha thero passed away  

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 
අපවත්වීම රහසක්ද?


සැත්කම සාර්ථකයිලු
‘‘මොනවා කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණත්..
ස්වාමීන් වහන්සේව බලන්න ආව විසිටර්ස්ලා කන්ට්‍රෝල් කරගන්න බැරිවුණා‘‘
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් රෝගාතුර වූ පසු ප්‍රතිකාර සිදුකළ ආකාරය ගැටලූ මතුකරන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. මහාචාර්යවරයා සඳහන් කළේ සෝභිත හිමියන් කෙටි කාලයක් තුළ රෝහල් 06 කින් ප්‍රතිකාර ලබා ඇති බවයි. සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බවට සති අන්ත මුද්‍රිත මාධ්‍ය කිහිපයක්ද වාර්තා කර තිබුණා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගිය සැප්තැම්බර් මස 10 වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය කරනු ලැබුවා. දින කිහිපයක් එහි ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ රෝහලින් පිටත්ව නාග විහාරයට වැඩම කරනු ලැබුවේ වෛද්‍යවරුන් දුන් උපදෙස් මතයි. 


විහාරස්ථානයේ වැඩවසමින් සිටි උන්වහන්සේට විවේකීව සිටීම සඳහා මාලඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළුවන ලෙසට ආරාධනාවක් ලැබුණු බව ද කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී උඩුකලකන්දේ අරියරතන හිමියන් ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලක සෝභිත හිමියන් ඇතුළත් කිරීම ගැටලූ මතුකරන බවයි. විවේකීව සිටීමට රෝහලට පැමිණියත් උන්වහන්සේ බැලීමට පැමිණි පුද්ගලයින් සීමා කිරීමට රෝහලට නොහැකි වූ බව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂවරයා පිළිගත්තා.
සංකූලතා ඇතිවීමෙන් පසු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් නොවැම්බර් 03 වනදා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට වැඩම කරවනු ලැබුවා. උන්වහන්සේ එම රෝහලේදී අපවත් වූයේ පසුගිය 08 වනදායී. මනාව සැලසුම් කරන ලද හෘද සැත්කමකින් පසු සංකූලතා ඇතිවීම කෙරෙහි දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පෙන්වා දෙන්නේ.  

ඔහු කියා සිටියේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර සිදුකළ ආකාරය ගැටලූ මතුකරවන බවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට උරදුන් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් රැකගැනීමට සමස්ත වෛද්‍ය ප්‍රජාවට සහ සමස්ත සෞඛ්‍ය සේවයට නොහැකිවීම කණගාටුවට කරුණක් බවද මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.
සෝභිත හිමියන්ට සංකූලතාවයක් ඇතිවීම සිදුවු ක්‍රමවේදයේ වරදක් වී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා සඳහන් කළේ.  
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න පැවසුවේ මෙවැන්නක්.
"මාදුළුවාවේ සෝභිත හිමියන් අපේ රෝහලට ඇතුළත් වුණේ කිසිම ප්‍රතිකාරයක් සදහා නෙමෙයි, ඇත්ත වශයෙන්ම කියනවා නම් ස්වාමීන් වහන්සේට ශල්‍යකර්මය කරලා තිබුණේ කොලඹ රෝහලක, ස්වාමීන් වහන්සේ රෙස්ට් කරන්න තමයි අපේ රෝහලට පැමිණියේ, ඒ ඇරෙන්න කිසිම ප්‍රතිකාරයක් කිසිම ශල්‍ය කර්මයක් අපේ රෝහලේ කළේ නැහැ..."
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලක සෝභිත හිමියන් ඇතුළත් කිරීම ගැටලු මතුකර වන්නක් බවයි.
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා -
"අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් පසුව දැනගන්නට ලැබිලා තිබෙනවා උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක තමන්ගේ සැත්කමෙන් පසුව සංකුලතාවයකින් තොරව හිටිය බවට, ඉන් පසු අදාළ රෝහලෙන් මාලඹේ සයිටම් ආයතනයට අනුබද්ධව පවත්වාගෙන යන ඩොක්ටර් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගිය බවත්,මෙහිදී බලාපොරොත්තු නොවූ පරිදි සංකුලතාවයන් මතුවෙලා අවසානයේදී සිංගප්පූරුවට ගෙනියන්න තීරණය වෙලා තියෙනවා..."
විවේකීව  සිටීමට රෝහලට පැමිණියත් උන්වහන්සේ බැලීමට පැමිණි පුද්ගලයින් සීමා කිරීමට රෝහලට නොහැකි වූ බව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක  වෛද්‍ය සමීර සේනාරත්න පිළිගත්තා.
"මම ඒකතමයි කිව්වේ විසිටර්ස්ලා කොච්චර ආවද ස්වාමින්වහන්සේ බලන්න, අපට මොනව කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණත්.. ස්වාමීන් වහන්සේව බලන්න ආව විසිටර්ස්ලා කන්ට්‍රෝල් කරන්න අපට ශක්තියක් ලැබුණේ නැහැ..."
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට උරදුන් මාදුළුවාවේ සෝභිත හිමියන් රැකගැනීමට සමස්ත වෛද්‍ය ප්‍රජාවට සහ සමස්ත සෞඛ්‍ය සේවයට නොහැකිවීම කනගාටුවට කරුණක් බව ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.
"මෙහිදී යම්කිසි සංකුලතාවයක් ඇතිවීම.. සිදු වූ ක්‍රමවේදයේ වරදක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් පරීක්ෂණයක් පවත්වන එක උචිත බව තමයි අපේ හැගීම වෙලා තියෙන්නේ.."වෛද්‍ය නවීන්ද සොයිසා අවධාරණය කරයි. 

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels