Nov
14
නරඹන්නන් පවා මවිතයට පත්කළ
නැමුනත් නොකැඩුණු
මිශ්බාහ් ගේ අමුතුම පිත්ත - වීඩියෝ
පසුගිය දිනෙක පැවති ටෙස්ට් තරඟයකදී පාකිස්ථාන් ක්‍රීඩක මිශ්බාහ් ගේ පිත්ත සම්බන්දයෙන් කතාබහක් ඇතිවුණේ යම් අවස්ථාවකදී එහි මිට නැමී ගොස් කැඩුණු බවට විශ්වාස කළත් පසුව ඔහු විසින්ම එය නැවත සකසාගෙන පන්දුවට පහරදීම නිසාවෙනුයි.
මේ සම්බන්ධයෙන් විස්තර විචාරකයින් පවා පුදුම වූ අතර ඔවුන් සිතුවේ මිශ්බාහ් වෙනත් පිත්තක් ගෙන ක්‍රීඩාකරනු ඇති බවයි. නමුත් ඇදවුණු මිට ඔහු නැවත සකස් කරගත්තේ ඔහුගේ දෑතින්මයි. පසුව සොයාබැලීමේදී දැනගෙන ඇත්තේ එය නැමුනත් නොකැඩෙන ලෙසින් නිර්මාණය කර ඇති නම්‍යශීලී මිටක් සහිත විශේෂ ක්‍රිකට් පිත්තක් බවයි.
Post a Comment