Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Mahinda rajapaksa on court for CTB case  

CTB බස් ප්‍රශ්නෙකට 
මහින්දට උසාවි එන්නැයි නොතීසි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් 7 දෙනෙකුට ලබන වසරේ මාර්තු මස 10 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (13) සිතාසි නිකුත් කළා. 
ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක රැස්වීම් සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ ලබාගෙන, ඒ සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 142ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක් කැදවූ අවස්ථාවේදීයි. 

හිටපු ජනාධිපතිවරයාට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 7 දෙනෙකු මෙම නඩුවේ වගඋත්තරකරුවන් වනවා.
මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශවය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය 11 වැනිදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාල වගඋත්තරකරුවන් වගකිව යුතු බැවින් ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙසයි. 
කෙසේ වෙතත්, කුරුණෑගල - වාරියපොළ විශුද්ධාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් මෙම නොතීසි නිකුත් කිරීම පිළිබදව විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් මීට සම්බන්ධ නොමැති බවයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels