Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Japan earthquake triggers small tsunami  

සුනාමි තත්වයක් ගෙනෙන 
ප්‍රබල භූ කම්පනයක් ජපානයේ - 
මුහුදු මට්ටම ඉහළට | වීඩියෝ

නිරිතදිග ජපානයේ මකුර්සාකි නගරය ආසන්නයේ වෙරළට සමීපව අද (14) ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනයෙන් සුළි සුනාමි රළ පහරක් ද ඇති වී තිබෙනවා. නිරිත දිග ජපානයේ ජනතාවට දැඩි අවධානයෙන් පසු වන ලෙසයි රජය දැනුම් දී තිබුනේ. 
කෙසේ නමුත්, අනතුරෙන් ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ. 

ජපාන කාළගුණ ආයතනය නිවේදනය කළේ සෙන්ටිමීටර 30ක ප්‍රමාණයෙන් සාගර මට්ටම ඉහල නැග ඇති බවයි. Kagoshima දුපතට කිලෝමීටර 159ක් පමණ දුරින් සාගරයේ කිලෝමීටර 10ක්  පමණ  ගැඹුරේ කම්පනය හටගෙන තිබේ.
එමෙන්ම භූ කම්පන කලාපයේ පිහිටි කියුෂු දිවයිනේ න්‍යෂ්ටික බලාගාරය ද නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බව සඳහන්. 2011 වසරේ ජපානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් සුනාමි රළ පහරක් ද ඇති වූ අතර, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අක්‍රිය වුණා.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels