Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Maduluwawe sobitha theros funeral will be on 12 Nov  

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු 
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව 12 වෙනිදා 
- දේහය අද රාත්‍රී දිවයිනට

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මේ මස 12 වෙනිදා සිදුකිරීමට තීරණය කර තිබෙනවා. 
ආදාහන කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ දායක සභාව අද පෙරවරුවේ රැස් වූ අතර ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු පස්වරු 3 ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.

අද අලූයම් කාලයේදී මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකදී අපවත්වූ අතර උන්වහන්සේගේ දේහය අද පස්වරුවේ යූ.එල්. 309 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයෙන් දිවයිනට රැගෙන ඒමට නියමිතයි. 

එම ගුවන් යානය රාත්‍රී 9 යි 10 වනවිට කටුනායක ගුවන් තොටුපලට පැමිණෙනු ඇති බවට සිංගප්පූරු තානාපති කාර්යාලය සඳහන් කළා. අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් කථානායක නිල නිවසේ මේ වනවිට සාකච්ඡාවක්ද පැවැත්වෙනවා.
ඡායාරූපවලින් දැක්වෙන්නේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ දී මහා සංඝ රත්නය වෙත සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රෝහල වෙත පැමිණි මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත භාර දුන් අවස්ථාවයි.




0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels