‘‘හැම තැනම ඉන්නවා
කුණු බිත්තර, ඔතනත් ඇති දෙකක් තුනක්‘‘
අල්ලස සහ දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොව එය නිවාරණය කිරීමට මුල්තැන දී කටයුතු කළ යුතු බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ පවසනවා.
දෙසැම්බර් 9 වනදාට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට කොළඹ දී ඊයේ (16) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මානව සම්පත් හිගයක් පැවතීම හේතුවෙන් කොමිසමේ වැඩකටයුතු කඩිනමින් සිදුකරගෙන යාමේ අපහසුතාවයක් පවතින බව මෙම අවස්ථාවට එක්වෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් දිල්රුක්ෂි ඩයස් කියා සිටියා.
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද මෙම මාධ්‍ය හමුවේදී එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් සඳහන් කළා.
Post a Comment