Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Karate Wasantha’s Family Asks , Who Is The Hero And Who Is The Villain?  

SF ලොකූ ෆේස්බුක් දැම්ම වීඩියෝව ගැන 
කරාතේ වසන්තගේ පවුලෙන් 
විශේෂ ප්‍රකාශයක් - වීඩියෝ

ක්ලබ් එක තියෙන්නේ පූජා නගරේ නෙවෙයි,
මේ දේවල් සාධාරණීකරණය කරන්න එපා,
කිසි දෙයක් නීතිවිරෝධී නෑ,
කවුද වීරයා, කවුද මැරයා... ?
 

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා සමාජජාල වෙබ් අඩවියකට නිකුත් කර තිබූ වීඩියෝපටය සම්බන්ධයෙන් වසන්ත සොයිසාගේ ඥාතීන් විරෝධය පළ කරනවා.
ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා අත්අඩංගුවට ගැනීමට පෙර සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝපටයක් ඇතුළත් කර තිබුණේ ඝාතනයට ලක්වූ කරාතේ වසන්තගේ අනුරාධපුර රාත්‍රී සමාජශාලාව පිළිබදවයි. තමන් නීතියට ගරු කරන බවත්, ඒ අනුව පොලීසියට භාර වන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූ අනුරාධපුර සමාජ ශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසාගේ දියණිය ඇතුළු ඥාතින් ඊයේ ඔවුන් අනුරාධපුරයේ පිහිටි නිවසේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාගේ දියණිය වන ශමී සොයිසා කියා සිටියේ අදාළ වීඩියෝව දුටු තමා දැඩි කණගාටුවට පත් වූ බවයි. මෙවැනි ඝාතන සිදුකරන්නන් වීරයන් වන්නේ කෙසේ දැයි ඇය ප්‍රශ්න කළා.
ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාගේ අනුරාධපුරයේ පවත්වාගෙන ගිය මෙම සමාජ ශාලාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විරෝධය පළ කළේ එය අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පිහිටීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් ද මාධ්‍ය හමුවට එක්ව සිටි වසන්ත සොයිසාගේ සහෝදරිය අදහස් දැක්වූ අතර ඇය කියා සිටියේ සමාජශාලා යනු මෙරට නීතියෙන් තහනම් දෙයක් නොවන බවයි.
කරාතේ ශූර වසන්ත සොයිසා අනුරාධපුර - මුදිතා මාවතේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාවකදී ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණේ පසුගිය මස 24 වැනිදායි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ ඇතුළු 31 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels