ටෙස්ට් පිටියේ ලොව වේගවත්ම පන්දුව
පැයට කිලෝමීටර් 160 වේගෙන්
මිචෙල් ස්ටාක් දැම්ම හැටි - වීඩියෝ
ක්‍රිකට් පිටියේ පස්වන වේගවත්ම පන්දුව යවමින් ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වීමට ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් ඊයේ සමත්වුණා.
ඒ, නවසීලන්තය සමඟ පර්ත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුරයි. පැයට කිලෝමීටර් 160 යි දශම 4 ක වේගයකින් ඔහු පන්දුව එල්ල කළ අතර, එය ලොව පස්වන වේගවත්ම පන්දුව ලෙසයි සැළකෙන්නේ.
2003 වසරේදී එංගලන්තයට එරෙහිව පැයට කිලෝමීටර් 161 යි දශම 3 ක වේගයෙන් පාකිස්ථානයේ ෂොයිබ් අක්තාර් යැවූ පන්දුව මෙතෙක් ක්‍රිකට් පිටියේ යැවූ ලොව වේගවත්ම පන්දුව ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා.
Post a Comment