CTB බස්එකට නැගපු
පාසැල් සිසුවියන් 7කට
කොන්දොස්තර කළ හදිය
යාපනයේ සිට ත්රීකුණාමලය දක්වා ධාවනය කෙරෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට අද (11) උදෑසන වව්නියාවේදී ගොඩ වූ පාසල් දැරියන් 7 දෙනෙකු කොන්දොස්තරවරයා විසින් බිමට තල්ලු කොට ධාවනය කිරීම නිසා එක් දැරියක් සුලු තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
යාපනයේ සිට වව්නියාව බස්නැවතුම් පලට පැමිණි ලංගම බස් රථය අද උදෑසන 8.00 ට වව්නියාව සිට ත්රීකුණාමලය දක්වා ගමන් ගෙන ඇතිඅතර එම අවස්ථාවේදී එයට ගොඩ වූ පාසල් දැරියන් 7 දෙනෙකු සෙනග වැඩි යැයි පවසමින් කොන්දොස්තර වරයා පාසල් දැරියන් බිමට තල්ලු කොට ඔවුන් දමා බස් රථය ධාවනය කොට ඇත.
කොන්දාස්තරවරයා විසින් පාසල් දැරියන් බිමට තල්ලු කරන අවස්ථාවේදී දැරියන් කිහිප දෙනෙකු වැටී ඇති අතර ඉන් එක් දැරියක් සුලු තුවාල ලබා ඇති බවටත් මේ සම්බන්ධයෙන් වව්නියාව පොලීසියටද පැමිණිල්ලක් ලැබී ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
මේ පිළිබඳව වව්නියාව ලංගම ඩිපෝ කලමණාකරු එච්.එම්. සොයිසා මහතාගෙන් විමසීමේදී කියා සිටියේ අදාල සිදුවීම පිළිබව තමන්ටද පැමිණිල්ලක් ලැබී ඇති බවටත් අදාල බස් රථය යාපනය පේදුරුතුඩුව ඩිපෝවට අයිති බැවින් මේ පිළිබඳව යාපනය ඩිපෝ කළමණාකරුටද දැන්වා ඇති බවටයි. එමෙන්ම කිසිදු අවස්ථාවක පාසල් දැරියන්ට හෝ කිසිවෙකුට එවැනි ක්රියාවක් කළ නොහැකි බැවින් අදාල බස් කොන්දොස්තර වරයා වව්නියාව පොලීසියට කැඳවා පරික්ෂණයක් සිදු කිරීමටද නියමිත බවට එච්.එම්.සොයිසා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
උපුටාගැනීම
Post a Comment