Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Crews melt 1 million wads of chewed gum off famous seattle wall  

අවුරුදු 24ක් තිස්සේ 
චුවින්ගම් ඇලවූ බිත්තිය 
පිරිසිදු කෙරේ

අමෙරිකාවේ වොෂින්ටන් හි සීටැල් නගරයේ පෞරාණික ගොඩනැගිල්ලක අලවා ඇතැයි කියන මිලියන ගණනක චුවින්ගම් ඉවත් කිරීමට විශේෂ ව්‍යාපෘතියක් අරඹන්නට සිදුව තිබෙනවා. 1991 වසරේ මෙම ස්ථානයේ නාට්‍ය ශාලාවක් තිබී ඇති අතර එයට පැමිණෙන පුද්ගලයින් ඉන් පිටව යාමේදී වරින්වර එහි චුවින්ගම් අලවා තිබෙන බව කියැවෙනවා.

මෙසේ චුවින්ගම් එකතුවී චුවින්ගම් ඇළුණු විශාල බිත්තිය බිහිව තිබෙනවා. පසුකාලීනව එම නාට්‍ය ශාලාව අභාවයට ගොස් තිබෙනවා. ඒත් එහි යන එන පිරිස් එය විවිධ සෙල්ෆි ඡායාරූප ගැනිමට හා වෙළෙඳ දැන්වීම් නිර්මාණයට ප‍්‍රසිද්ධ ස්ථානයක් බවට පත් කරගෙන තිබෙනවා.

ඇතැම් අය විවිධ දැන්වීම් හා බිස්නස් කාර්ඩ් අලවා තබන්නටද මෙම ස්ථානය යොදාගෙන. වසර 24ක් තිස්සේ මිලියන ගණනක් චුවින්ගම් මෙම ස්ථානයේ එකතුවී ඇති අතර එම නගර සභාව එම ද්‍රව්‍ය ඉවත්කිරීමේ ව්‍යාපෘතියකට ළඟදී අතගසා තිබෙනවා.

උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels