Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Arjuna ranathunga renmove lotus structure from Katunayaka airport new terminal building  

අලුතින් හැදෙන 
කටුනායක එයාර්පොට් වහලේ 
නෙළුම් මල අර්ජුන අයින් කරයි


බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ අලුතින් ඉදිකෙරෙන පර්යන්ත ගොඩනැඟිල්ලේ වහළයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මිලියන දෙදහස් දෙසීයක ඇස්තමේන්තු සහිත දැවැන්ත නෙළුම් මලක් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් නවත්වා තිබෙන බවට පුවත්පත් වාර්තා සඳහන් කරනවා.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටියදී මීට මාස කිහිපයකට පෙර එම අදාළ ගොඩනැගිල්ලේ සැලසුම පරීක්ෂා කර බලා තිබේ. ඒ අවස්ථාවේ මිලියන‍ දෙදහස් දෙසීයක වියදමින් ඉදිකෙරෙන එම දැවැන්ත නෙළුම් මල පිළිබඳ අදාළ ඉංජිනේරුවන් සහ සෙසු නිලධාරින්ගෙන් විමසා ඇත. ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ එම පර්යන්ත ගොඩනැගිල්ලේ වහළය මත ඉදිකරනු ලබන එම දැවැන්ත නෙළුම් මල අලංකාරය සඳහා ඉදිකරන්නක් බවත්, එය විශේෂිත ‍ලෝහ වර්ගයකින් ඉදිකරන බවත්ය.


එහිදී එම නෙළුම් මලේ අලංකාරය දැකීමට හැකිවන්නේ කාහට දැයි විමසා බැලීමේදී එය ගුවන්තොටුපළට යන එන කිසිවකුටත් නොපෙනෙන දෙයක් වූ අතර එය දැකිය හැක්කේ ගුවන් නියමුවන්ට පමණක් බවත් අනාවරණය වී ඇත.

එහිදී මෙතරම් විශාල මුදල් සම්භාරයක් වියදම් කර මෙවැන්නක් සිදුකිරීමේ ඵල රහිත භාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා එම කොටස අදාළ පර්යන්ත ගොඩනැගිල්ලේ වහළය මත ඉදිකිරීම අදාළ ගොඩනැගිලි සැලසුමෙන් ඉවත්කිරීමටද උපදෙස් දී තිබේ.

ඒ අනුව පසුගිය රජය සමයේදී මිලියන දෙදහස් දෙසීයක් වැනි අතිවිශාල මුදලක් වියදම් කර ඉදිකිරීමට ගිය අනවශ්‍ය කටයුත්තක් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් නිසා නැවැත්වීමට හැකිවී ඇත. මෙම ගොඩනැගිල්ල මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ භූමියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මෙහි මුල්ගල තබන ලද්දේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙරටට පැමිණි ජපන් අගමැතිවරයා විසින්ය.

නවීන පහසුකම්වලින් යුත් මෙම පර්යන්ත ගොඩනැගිල්ල තට්ටු තුනකින් සමන්විත වේ.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels