Video Depicts How Beautiful Young Women Who Were Marketed for Prostitution at Higher Rates Were Trapped
පෙම්වතාට හොරෙන් සුපිරි ගණන්වලට විකිණිනු
මහරගම රූමත් තරුණියන් ඇල්ලූ හැටි - වීඩියෝ
‘‘කොල්ලා වැඩට ගියාට පස්සේ තමයි ඒකි එන්නේ,
මිනිහා දන්නෑ සීන් එක‘‘
මහරගම - පන්සල පාර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණයේ ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පසුගිය දිනෙක සමත්වුණු අතර එම වැටලීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වන වීඩියෝවක්ද මේ වන විට හිරු CIA තුළින් අපට ලැබී තිබෙනවා.
එහිදී ගණිකා මධ්‍යස්ථානයේ රැඳී සිටි තරුණියන් තුන්දෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල තෙමහල් නිවසේ කොටසක් මසකට පමණ ඉහතදී කිසියම් පිරිසක් මාසිකව රුපියල් 35,000 ක කුළී පදනම මත මිලදී ගෙන තිබෙනවා.
එහෙත්, වලාන දූෂන මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ඩි.ජී.එස්. ප්‍රශාන්ත මහතාට තොරතුරු ලැබී තිබුණේ මෙහි රූමත් තරුණියන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.
මෙම ස්ථානයේ සිටින තරුණයෙකුගේ මාර්ගයෙන් ඔවුන් ගණුදෙනුව සිදු කරන අතර ඔහු ඒ සම්බන්ධයෙන් පැවසුවේ පහත අයුරිනුයි. ඇතැම් තරුණියන් සිය පෙම්වතාට හොරෙන් පැමිණ මෙලෙස ගණිකා වෘත්තියේ යෙදෙන බවටද ඔහු පවසනවා.
‘‘කොල්ලා වැඩට ගියාට පස්සේ තමයි ඒකි සතියේ දිනවල මේක කරගෙන යන්නේ. කොල්ලා දන්නේ නැහැ සීන් එක. ඒකී එන්නේ ෂේප් එකේ හොරෙන්. මං ඔයාට කතා කරලා දුන්නේ මේ එයා.‘‘
සියලු තොරතුරු ඔහුගෙන් අනාවරණය කරගත් පසුව වැටලීම සිදුකරන අතර අත්අඩංගුවට ගත් තරුණියන් 20-25 අතර වයසේ පසුවන්නන් බවයි පැවසෙන්නේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...
Post a Comment