Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Thihagoda school boy killed  

සංගීතයක් අතර ගුටිකෙළියකට මැදිවූ 
වයස 12 සිසුවෙකු පිහි පහරකින් අවාසනාවන්න ලෙස
මියගිය හැටි - වීඩියෝ

‘‘මම දැක්කේ මල්ලිගේ ඇඟෙන් ලේ එන එක විතරයි‘‘
‘‘මම උගේ බෙල්ලෙන් ඇල්ලුවා, ඌ මගේ බෙල්ලෙන් ඇල්ලුවා,
කෑ ගහලා පොලිසියට බාරදුන්නා‘‘
වයස 18 -19 -22 තරුණයින් 3ක් අත්අඩංගුවට


මාතර - තිහගොඩ ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකට මැදි වූ වයස අවුරුදු 12 ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ළමයා මියගොස් ඇත්තේ ඔහුගේ ගෙළ ප්‍රදේශයට එල්ල වූ පිහි පහරකින්.
සිද්ධියෙන් ජීවිතක්ෂයට  පත් වූ හෂාන් ධනංජය සිය පවුලේ සාමාජිකයින් සමග ඊයේ රාත්‍රියේ තිහගොඩ - කපුදූව ක්‍රීඩාංගණයේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ තිබුණා.

පොලිසිය සදහන් කළේ ඊයේ අලුයම 1.15 ට පමණ අදාළ ගැටුම සිදු වී ඇති බවයි. හෂාන් මෙම සංගීත සංදර්ශනය නැරඹීමට ගොස් තිබුණේ ඔහුගේ මව හා සහෝදරිය සමගයි. 
සිද්ධිය සම්බන්ධයෙන් මව දැක්වූ අදහස්....

‘‘මම දන්නේ නෑ. මගේ ළග හිටියා, මම දන්නේ නෑ තල්ලුවක් ඇවිල්ලා ගියා එච්චරයි මම දන්නේ. මගේ පැටියා මගේ දරු පැටියා කාටවත් වැරැැද්දක් නැහැ. “

ඔහුගේ සහෝදරියද සිද්ධිය වන අවස්ථාවේ එහි සිටියත් මල්ලී හට පිහි ඇණුම වන ආකාරය ඇය දැක නැහැ. 
මම දැක්කේ මල්ලීගෙන් ඇගෙන් ලේ එන එක විතරයි. එතනට කවුරුවත් ආවේ නෑ. අඩුම ගානේ පොලිසියත් ආවේ නෑ. කෙසේ නමුත් අසල සිටි පිරිසක් අදාළ පිහි ඇනුම සිදුකළ පුද්ගලයින් බවට සැක කෙරෙන කිහිප දෙනෙකු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා. 

එලෙස අල්ලාදුන් අයෙක් සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කළේ පහත පරිදියි...
‘‘ටොච් එක ගහලා අරහේ මෙහේ කරලා බලනකොට මෙන්න මූය කියලා කිව්වා. මං ඉතිං බෙල්ලෙන් අල්ලගත්තා. ඌ මගේ බෙල්ලෙන් ඇල්ලුවා. මං කෑගහලා අරෙහේ මෙහේ කරලා පොලිසියෙන් වැටලුවා. ඊට පස්සේ පොලිසියෙන් අරන් ජීප් එකට දැම්මා එච්චරයි දන්නේ.‘‘

පිහි  ඇනුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.  පොලිසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 18 -19 -22 යන වයසේ පසුවන තරුණයින් තිදෙනෙකු අත්අංඩගුවට ගත් බවයි
.
ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels