ශේෂාද්‍රිගේ සිද්ධිය ගැන ප්‍රියසාද් පාර්ශවයෙන්
ප්‍රථම වරට ප්‍රකාශයක්
ශේෂාද්‍රි ගෙදර ආවේ මැයි 29,
ජූනි මාසේ නඩුවක් දැම්මා ඩිවෝස් වෙන්න..
ශේෂාද්‍රි ප්‍රියසාද් හා ඇයගේ සැමියා වූ සම්පත් ද සිල්වා දික්කසාද වන්නට යන බව පසුගියදා හිරු ගොසිප් තුළින් අප ඔබවෙත තොරතුරු ගෙන ආවේ සම්පත් ද සිල්වාගේ අදහස් දැක්වීමත් සමඟමයි. එමෙන්ම සම්පත් එහිදී ශේෂාද්‍රී සම්බන්ධයෙන් ප්‍රකාශ රැසක් සිදුකළ නමුත් ශේෂාද්‍රිගේ පාර්ශවයෙන් මේ පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් මොනයම් හෝ තැනක සිදුකර තිබුණේ නැහැ.
නමුත් හිරු ගොසිප් අපට ප්‍රථම වරට එම පාර්ශවයේද අදහස් ලබාගැනීමට හැකිවූයේ ප්‍රියසාද් පවුලේ නීතිඥවරයා සම්බන්ධ කරගැනීමෙන් පසුවයි.
ඒ අනුව නීතීඥවරයා පවසා සිටියේ ශේෂාද්‍රි සම්පත්ගේ නිවසෙන් පැමිණ තිබුණේ මැයි මස 29 වනදා බවත් ඉන් පසු දෙමාපියන් සමඟ නිවසේ සිටි ඇය ජූනි මාසයේ සැමියාගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් දැමූ බවත්ය.
එහි පළමු නඩුවාරය සැප්තැම්බර් මස 17 වනදා පැවති අතර ඊළඟ නඩුවාරය දෙසැම්බර් මස පැවැත්වීමට ඇති බවත් ඔහු පවසා සිටියේය.
තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් නිසාවෙන් සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර අදහස් දැක්වීමට නොහැකි බව ප්‍රියසාද් පාර්ශවය වෙනුවෙන් කතා කළ නීතිඥවරයා හිරු ගොසිප් අප හමුවේ පවසා සිටියා.
Post a Comment