Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Mother and daughter ingest poison at Balangoda Temple – CCTV  

පන්සල ළඟ ලියුමක් ලියා උපන්දිනයදා 
වස බීපු මව දියණියටද 
වස පෙවූ හැටි - CCTV දර්ශන

‘‘මං ඔයාට ගොඩක් ආදරෙයි
ඔයා සතුටින් ජීවත් වෙන්න‘‘


මහනුවර නගරයේදී පසුගියදා මවක් විසින් සිය දරුවා දුම්රියට තල්ලු කිරීමට ගිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වුණු අතර මේ වන විට ඊට සමාන තවත් පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ තමන්ද වස පානය කර සිය දරුවාටද වස පෙවූ මවක් සම්බන්ධවයි. 

බලංගොඩ නගරයේ පිහිටි විහාරස්ථානයක් ඉදිරිපිටදී මෙම 28 හැවිරිදි මව සිය 5 හැවිරිදි දියණිය සමග ලිපියක් ලියන ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.

අනතුරුව මව සිය දියණියට  වස  පොවා ඇය ද වස පානය කර සිටියදී ප්‍රදේශවාසීන් මැදිහත්ව බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගොස් ඇත්තේ බලංගොඩ - කහටපිටිය ප්‍රදේශයේ පදිංචි වික්‍රමආරච්චිගේ චතුරිකා ගයානි නැමැති කාන්තාවක්. 

ඇය එම ලිපියේ සඳහන් කර ඇත්තේ ඇගේ උපන් දිනයදා සිය දියණිය සමග දිවි නසා ගැනීමට ගත් තීරණයට අනුව ඔවුන් බේරා ගැනීමට කටයුතු නොකරන ලෙසයි. 

සිද්ධියට මුහුණ පෑ පස් හැවිරිදි රිෂිනි ප්‍රභාෂා දැරිය ප්‍රථමයෙන් බලංගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යැවුණා.  රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ ඇගේ තත්ත්වය තවමත් යහපත් නොවන බවයි.  මෙම කාන්තාවගේ සැමියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව  පොලිසිය සඳහන් කළා. 

ඇය ලියුම ලියන අවස්ථාව ඇතුලත් CCTV දර්ශන පහතින්...

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels