සැමියා මාළු අල්ලන්න දැල් දාන අතරේ
බිරිඳ නිදියහනේ වෙනකෙකු සමඟ
දැලේ පැටලෙයි
හිටිගමන් ගෙදර එද්දී සැමියාට තරු පෙනෙයි
පාරට එක්ක ඇවිත් මාළු පිහියෙන්ම කපලා
සෙට් වුණේ ළමයා පන්ති එක්ක යද්දිලු
අනියම් ඇසුරු නිසාවෙන් සිදුවන් පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා දිවයිනේ නන් දෙසින් තොරතුරු වාර්තා වුණා. එවැනිම හේතුවක් නිසාවෙන් අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ දී පසුගිය දිනෙක රාත්රී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර තිබියදී හමුවී තිබෙනවා.
අදලා පුද්ගලයා විසින් නිවසකට ගොස් එහි සිටි කාන්තාවක් සමඟින් අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා. ඒ අතර ඔවුන් නිදි යහනේ සිටිය දී සැමියා හදිසියේ නිවසට පැමිණිමෙන් පසු සිද්ධිය දැකීමෙන් මහත් කළකිරීමකට හා කෝපයට පත්ව තිබෙනවා.
කරකියාගත නොහැකිවූ සැමියා අනියම් පුරුෂයාට නිවස තුලදී දැඩි ලෙස පහර දී මාර්ගයට ගෙනවිත්, පසුව කපාකොටා ඝාතනය කර ඇති බවටයි වාර්තාවන්නේ.
ඇඟ පුරා ලේ ගලමින් බරපතල තුවාල ලත් පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන අතර සැකකරු ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර බිරිඳ පොලිස් භාරයට ගෙන තිබෙනවා. අනියම් පුරුෂයා ද විවාහකයෙක් වන අතර ඔහුටද දරුවන් සිටින අතර සිද්ධියට සම්බන්ධ වූ බිරිඳටද දරුවන් දෙදෙනෙක් සිටිනවා.
සැමියා ධීවර කාර්මිකයෙක් ලෙස සේවය කරන අතර ධීවර රැකියාවේ යන බව පවසා නිවසින් පිටව ගොස් රහසේ නිවසට පැමිණීමෙන් සිද්ධිය අතටම හසු වී මෙම ඝාතනය සිදුකර ඇති අතර දරුවා පංති රැගෙන යන අතර දී අනියම් සැමියා සමග හාදකමක් ඇති කර ගත් බව ඇය පොලීසියට පවසා ඇත.
මීට පෙර ද මොහු නිවසට පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බරවකුඹුක - වෙලංගහවල පදිංචි ජයසේකර පතිරණගේ ධම්මික ලක් රුවන් (33)අයෙකු බවටද වාර්තා වේ.
මීට පෙර ද මොහු නිවසට පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බරවකුඹුක - වෙලංගහවල පදිංචි ජයසේකර පතිරණගේ ධම්මික ලක් රුවන් (33)අයෙකු බවටද වාර්තා වේ.
Post a Comment