පන්සල් ගිහින් ගෙදර එද්දී
තවත් පුංචි මල් කැකුළක් අවාසනාවන්ත ලෙස
ලොවින් සමුගත් හැටි - වීඩියෝ
‘‘එක පාරක් අත ඉස්සුවා, ආයේ උඩට ආවේ නෑ‘‘
සිරුර මීටර් 300ක් දුරින් හමුවෙලා
අධික වර්ෂාවත් සමඟ ගලාආ ජල පහරකට හසුවිමෙන් වයස අවුරුදු 8 ක දියණියක සහ ඇගේ ලොකු අම්මා ජීවිතක්ෂයට පත්වූ සෝචනීය පුවතක් බදුරලියෙන් වාර්තා වනවා. ඔවුන් දෙදෙනො එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ කඨින පිංකමකට සහභාගීවී යළි නිවස වෙත යමින් සිටියදි.
කුඹුරකට මැදිව පවතින නිවස වෙත යමින් සිටියදී පස්වරු 6 ට පමණ ඔවුන් මෙම අනතුරට මුහුණ දුන්නා.මෙම ස්ථානය ජල ගැලීම හේතුවෙන් නිරන්තරයෙන් ජලයෙන් යටවන අතර, සිද්ධිය වූ දිනයේ පැවති දැඩි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ඔවුන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව නැහැ.
ජල පහරට හසු වූ ස්ථානයේ සිට මීටර් 300 ක් පමණ දුරකින් මෙම දෙදෙනාගේ මළසිරුරු සොයාගත් අතර, දේහයන් මරණ පරීක්ෂණය සදහා රැගෙන ආවේ බදුරලිය ප්‍රාදේශිය රෝහලටයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ නිෂාදි හංසනී බදුරලිය මහා විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබුවා. නිශාදි සමඟ ජීවිතක්ෂයට පත්වූ ඇගේ ලොකු අම්මා 50 වන වියේ පසුවුණා. ඇය තිදරු මවක් වන අතර සැමියා විදේශගතව සිටිනවා.
සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසුවේ කෑ ගහන සද්දෙට තමන් බැලූ විට අයෙක් දියේ ගිලෙනු දුටු බවයි. එක් වරක් අත් ඉස්සුවද පසුව දියේ ගිලී ගියබවට ඔහු පවසනවා.
Post a Comment