Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

FCID to inspect Carlton sports network  

CSN නාලිකාවට FCID එකෙන් ගිහින් 
පරිගණක දත්ත අරගෙන

පසුගිය රජය සමයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරඟ ඇතුළු තරගාවලි රැසක ක්‍රීඩා විකාශන අයිතිය ලබාගෙන සිටි CSN නාලිකාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඊයේ (16) පරීක්ෂාවට ලක්කළා. 

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් අවසරයකට අනුවයි. බත්තරමුල්ලේ පිහිටි එම නාලිකා ගොඩනැගිල්ල උදෑසන සිට සවස් වන තුරු මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ. 

විශේෂයෙන් CSN නාලිකාව ක්‍රීඩා විකාශන අයිතීන් ලබා ගත් ආකාරය මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂා කර තිබෙනවා. ඊට අදාළ ලිපිලේඛන සහ පරිගණක දත්ත මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරයට ගැනුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels