ප්‍රංශ ජනපති ආසන්නයේ
බෝම්බයක් පුපුරා ගිය හැටි -
ප්‍රහාරය ISIS ත්‍රස්තයින් භාරගනී - වීඩියෝ
ආදරයේ නගරයේ ලෙස සැලකෙන සුන්දර පැරිස්පුරවාසීන්ට භීතිය සහ සංත්‍රාසය රැගෙන ආ ඊයේ (13)රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
ප්‍රංශය සහ ලෝක ශූර ජර්මනිය අතර පාපන්දු තරඟය පැවැති ක්‍රීඩාංගණය මෙන්ම ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමක් සංදර්ශනයක් ඉදිරිපත් කළ බැටක්ලෑන් රඟහල ද ත්‍රස්තයන්ගේ ඉලක්කයක් වුණා. එම රඟහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 120කට ආසන්නයි.
එමෙන්ම පුද්ගලයන් 160කට ආසන්න පිරිසක් මිය ගිය පැරිස් ත්‍රස්ත ප්‍රහාරය- දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ඒ.කේ. 47 ගිනි අවි වලින් සන්නද්ධ වූ ත්‍රස්තවාදීන් නගරයේ අවහල්වල් අසළ ද ප්‍රහාර එල්ල කළා. ප්‍රහාරයේදී දිවි ගලවා ගත් පැරිස් වැසියෙකු සදහන් කළේ ත්‍රස්තවාදීන් තමන්ට කුරුල්ලන්ට වෙඩි තබන ආකාරයෙන් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දේශසීමා සියල්ල වසා දමා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු ලෝක නායකයන් රැසක් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දුටු අතර, පැරිස්පුර වාසීන්ට සහෝදරත්වය පළ කරමින් නිව්යෝක් නුවර නව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ප්‍රංශ ධජයේ වර්ණ වන නිල්, කහ සහ රතු පැහැයෙන් ආලෝකමත් කළා.
ප්‍රංශය හා ජර්මනිය අතර පැවැති පාපන්දු තරගයක් නැරඹීමට ප්‍රංශ ජනපති හොලන්ඩේ ගොස් සිටියා. ඒ අතරතුරයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ. ජනපතිවරයා වහා ආරක්ෂිතව පිටියෙන් ඉවත් කර තිබෙනවා. 80000ක් පමණ පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටි බව ද සඳහන්. එමෙන්ම මෙම ප්‍රහාරයේ වගකීම මේ වන විට ISIS ත්‍රස්තයින් විසින් භාරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ජනපති හිටිය ප්‍රංශයේ පාපන්දු ක්‍රීඩාංගනයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ වීඩියෝව..

Post a Comment