කරාටේ වසන්ත මරා තිබුණේ
මූණට පොරවෙන් කොටලාලු - Photos
නේවි කැම්ප් එකේදී අල්ලාගත් සෙබළා තොරතුරු වමාරලා
එස් එෆ් ලොකූගේ මල්ලි තංගල්ලේදී මාට්ටු
අයියා තාම අතුරුදන්
අනුරාධපුරයේ සමාජ ශාලා හිමිකරුවෙකු වූ කරාතේ වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 27 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ නමුත් එහි ප්රධාන සැකකරු වන එස් එෆ් ලොකූ තවමත් අතුරුදන්ව සිටිනවා.
මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබලාගෙන් සිද්ධියේ ප්රධාන සැලසුම්කරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ගැන වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.
කරාතේ වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් අනුරාධපුර ප්රදේශයේම පදිංචි පුද්ගලයින් බවයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේදීයි. ඔහු සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.
ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කා නැමැත්තා විදෙස් ගතවීම වළක්වාලමින් අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක්ද නිකුත් කළා.
එමෙන්ම එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ සොහොයුරා වන අසිත රණසිංහ තංගල්ල ප්රදේශයේදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තංගල්ල පොලිසිය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සමාජ ශාලාවට පහර දෙන අවස්ථාවේ වසන්ත සොයිසා වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ. එමෙන්ම ඔහුගේ මුහුණට පොරවකින් කළ පහරදීමෙන් දැඩිලෙස තුවාල සිදුවී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
Post a Comment