Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Anura kumara speaks about gotabaya rajapaksa  

රටේ සිද්ධවුණු හැම ආන්දෝලනාත්මක 
පැහැරගැනීමක් පිටිපස්සේම ඉන්නේ 
ගෝඨා - අනුර කියයි

2012 වසරේ කුමාර් ගුණරත්නම් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 
කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට දැඩි අවශ්‍යතාවක් තිබූ බව පසුගියදා ගෝඨාභය රාජපක්ෂ අනාවරණ කළා. 

සති අන්ත පුවත්පතකට සාකච්ඡාවක් ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ  ජවිපෙ නායකයා තමන්ට කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප ලබාදෙමින් ඔහු රැදී සිටි ප්‍රදේශ පිළිබඳව තොරතුරු ලබාදුන් බවයි.  
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම අනාවරණයෙන් පසුව පළමුවරටයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට පිළිතුරු ලබාදුන්නේ.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels