ලංකාවෙන් මතුවූ ලොව විශාලම නිල් මැණිකට
හිතන්නත් බැරි මිලක්
නියමවෙයි - වීඩියෝ
ලොව විශාලතම නිල් මැණික හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකිකයා ඒ සඳහා ඩොලර් මිලියන 300ක මිලක් ඉදිරිපත් කර තිබෙනවා.
එය ශ්‍රී ලංකාවේ විනිමයෙන් රුපියල් කෝටි 4200කට වැඩි මිලක්.
පසුගියදා මෙම නිල් මැණික පිළිබඳ තොරතුරු අනාවරණ වූ අතර, එහි බර කැරට් 1404 යි දශම 4 යිි 9 ක් එනම් ග්‍රෑම් 281 ක් වන බව සඳහන්.
එය පරීක්ෂා කළ කොළඹ මැණික් අධ්‍යයන ආයතනය ප්‍රකාශ කළේ ඉතා විරල මෙම මැණික සඳහා නිශ්චිත මිලක් නියම කිරීම දුෂ්කර බවයි. මේ ආකාරයේ ලොව ප්‍රකට මැණික් ගල්වලට හිමි වූ මිල සැසදීමෙන් තමා ඒ සඳහා ඩොලර් මිලියන 300ක ආරම්භක මිලක් ඉදිරිපත් කළ බවයි නිල් මැණිකේ හිමිකරු ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ නමුත්, එය ලෝකප්‍රකට ධන කුවේරයන්ට හෝ කෞතුකාගාර ආදියට මිස සාමාන්‍ය ගැනුම්කරුවෙකුට ලබාගත හැකි මිලක් නොවන බව ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් සදහන් කළා.
මෙම නිල් මැණික එහි හිමිකරු විසින් පසුගිය සැප්තැම්බරයේ මිලදී ගෙන ඇති අතර එහිදී ගෙවා ඇති මුදල ද හෙළිදරව් කර නැහැ. මැණික හමුවී ඇත්තේ රත්නපුරයේ මැණික් පතලකින්.
මැණික හිමිකරු එය නම් කර ඇත්තේ ‘‘ලන්කන් ස්ටාර් ඔෆ් ඇඩම් හෙවත් ශ්‍රී ලංකාවේ ආදම්ගේ තරුව’’ ලෙසයි. ලොව විශාලතම නිල් මැණික ලෙස මෙතෙක් පැවතුණේ ශ්‍රී ලංකාවෙන් සොයා ගත් කැරට් 1395 ක් බරැති නිල් මැණිකක්.
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය මෙන්ම, කේට් මිඞ්ල්ටන්ගේ මංගල මුදු සදහා යොදා ගැණුනේ ද ශ්‍රී ලංකාවෙන් සොයා ගත් නිල් මැණික්.

Post a Comment