Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Gang attack house in nuwara eliya  

චන්ඩි කියලා හිතන් ඉන්න නොන්ඩි ටිකක් ඇවිත් 
නුවරඑළියේදි ගෑණු අය ඉන්න ගෙදරකට ගහපු හැටි - වීඩියෝ
අහන්න බැරි අසැබි වචන වලිනුත් බැනලා

පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල සිදුවූ ගැටුම්වලදී ජනතාව නීතිය අතට ගැනීමේ සිද්ධීන් රැසක් වාර්තා වුණා. මෙය මෙලෙස සිදු වන්නේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ වරදින්දැයි ඇතමෙකු ප්‍රශ්න කරනවා. එලෙස සිදුවූ ගැටුම්කාරී අවස්ථාවක වීඩියෝවකුයි මේ..

එහි දැක්වෙන්නේ  නුවරඑළිය ජයතිලක මාවතේ පිහිටි නිවසකට කිසියම් පිරිසක් පහර දෙන ආකාරයයි. අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මෙම පිරිස නිවැසියන්ටද පහර දී ඇති අතර ඔවුන් පැවසුවේ මෙය කවුරුන් විසින් කළේ දැයි තවමත් අනාවරණ වී නොමැති බවයි.

‘‘මම එයාට කිව්වා ගහන්න එපා ගහන්න එපා කියලා. ඔයාලට පවුලක් තියෙනවා. මට පවුලක් තියෙනවා. කවුද කියලා දන්නේ නෑ. මට ගහන්න ආපු පාර තමයි මේ දොරට වැදිලා තියෙන්නේ.අක්කට ගැහුවා. අක්ක එහෙමම වැටුණා.මාව බේර ගන්න බැස්සොත් ඔක්කොම කපනවා කිව්වා.‘‘ ඒ ගෙහිමි කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් කී කතාවයි.

‘‘ආවා නිල්පාට කාර් 1ක්.ඒකෙන් බැස්සා කට්ටියක්.කඩුයි පොලුයි පිහි අරවා මේවා ඔක්කොම අරගෙන ආවා.ඇවිල්ලා ඔක්කොටම ගහගෙන ගහගෙන ගියා.‘‘

සිද්ධිය ඇසින්දුටු අසල්වැසියෙකු එලෙස පවසන අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැත...

මෙහි වීඩියෝව පහතින් නරඹන්න....

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels