මහින්ද රත්රන් පිරවූ බව කියන
පීකොක් මන්දීරේ පූල් එකේ
මාධ්‍යවේදියෙක් එරුණේ ඇයි ? - වීඩියෝ
තම නිවසේ රත්‍රං වළදමා ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා පවසනවා.
ඔහු සදහන් කළේ තමන්ට අයත් රාජගිරියේ පිහිටි නිවසේ පිහිණුම් තටාකයේ රත්‍රං වළදමා ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමග ඒ පිළිබදව විමර්ශනයක් කරන ලෙසට තමන් පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කළ බවයි.
තමාට අයත් රාජගිරියේ පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර ඉවත් කර වැලි පුරවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රත්තරන් සහ මුදල් සඟවා ඇතැයි පැතිරෙන කතාව පිළිබඳව සොයා බැලීමට කම්කරු පක්ෂයේ නායක ව්‍යාපාරික ඒ. එස්. පී. ලියනගේ මහතා තීරණය කර ඇති බවට පසුගියදා පුවත්පත් වාර්තාවල දැක්වුණා.
මේ අතර ඊයේ (21) පීකොක් මන්දිරයේ ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදියෙකු වැලි පිරවූ පූල් එකේ එරුණු අතර ඉන්පසුව විහිලුවට මෙන් ඇතැමුන් පැවසුවේ පූල් එකේ උඩින් වැලි පුරවා යටින් රත්රන් ඇති බව කියන කතාව ඇත්තක් දෝ යැයි එකින් එකාට විහිළු කතා කියාගනිමිනුයි.

මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහතින්....
Post a Comment