කොටදෙණියාව පොලිසියේ 6කට
වැඩ වරදින ලකුණු
කොටදෙණියාව කුඩා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසැල් ශිෂ්‍යයා හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිළදාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කලේ පොලිස්පතිතුමාගේ නියෝගය මත බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධික්‍ෂණය යටතේ සිද්ධියට අදාළව පරීක්‍ෂණයක් පැවැත්වුණු බවයි.
එහිදී අනාවරණ වු කරුණු මතයි විනය ක්‍රීයාමාර්ගය ගෙන ඇත්තේ. ඔවුන්ට එරෙහි චෝදනාව වන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 2ක් නිත්‍යානුකුල නොවන ලෙස කොටදෙණියාව පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීම සහ සැකකරුවන් දෙදෙනාගේ දේපල අස්ථානගත වීමයි.
ඒ අනුව මීට වගකිව යුතු කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති - පොලිස් පරීක්‍ෂකවරයෙකු - උප පොලිස් පරික්‍ෂකවරුන් දෙදෙනෙකු - පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු සදහා මෙලෙස චෝදනා පත්‍ර නිකුත් කර තිබෙනවා.
Post a Comment