ටීචර්ගේ කීමට පොලොස් කඩන්න ගිය සිසුවා
ගස මුදුනේ සිට බිමට වැටුණු හැටි - වීඩියෝ
පොලොස් කැඩීම සඳහා ගුරුවරියක විසින් කොස් ගසකට නැංවූ බව පැවසෙන 14 හැවිරිදි දරුවෙකු එම ගසෙන් ඇද වැටී රෝහල් ගතකර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මෙම සිසුවාගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.
රත්නපුර - පැල්මඩුල්ල - දෙනවක දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දරුවා - පොලොස් කැඩීම සඳහා කොස් ගසකට නැඟ ඇත්තේ ඊයේ (27) පස්වරුවේයි. ඒ ගුරුවරියකගේ දැනුම් දීමක් අනුවයි.
විශ්වනාදන් විරාජ් නැමති මෙම දරුවා ගසෙහි අත්තක් කඩාවැටීම හේතුවෙන් බිමට ඇද වැටී ඇති අතර, පසුව ඔහු රත්නපුර මහ රෝහලට ඇතුළත් කෙරුණා.
බරපතල තත්ත්වයේ පසුවූ බැවිනුයි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවුණේ. මෙම දරුවා මාස 8 ක කාලයක් තිස්සේ පාසල් ගොස් නොමැති බවටද වාර්තාවනවා.
කෙසේ වෙතත් දරුවා කොස් ගසට නැංවූ බව පැවසෙන ගුරුවරිය කහවත්ත පොලීසිය ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙසේ වෙතත් දරුවා කොස් ගසට නැංවූ බව පැවසෙන ගුරුවරිය කහවත්ත පොලීසිය ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගනු ලැබුවා.
Post a Comment