සපත්තු දාගෙන කෝවිල් ගිය
නළුවො දෙන්නට වැඩ වරදි - වීඩියෝ
ෂාරුක් ඛාන් සහ සල්මන් ඛාන් කියන්නෙ බොලිවුඩ් සිනමාවේ කිංග් ලා දෙන්නෙක්.
හැබැයි කාලෙකට කලින් මේ දෙන්න හිටියෙ නිකං නයයි මුගටියයි වගේ විරසක වෙලා.
කාලයක් තිස්සෙ එහෙම හිටපු මේ දෙන්න දැන් නම් හැබැයි අඹ යාලුවො වගේ.
ඒක නිසාම ඉන්දියාවේ රූපවාහිනි නාලිකාවකින් මේ දෙන්නටම ආරාධනා කරලා තිබුණා ප්රචාරක පටයක් රූගත කරන්න.
ඒ වැඩසටහනේ නම තමයි ‘‘බිග් බොස්“
මේ ප්රචාරක පටයේ මේ දෙන්නා කෝවිල් භූමියක සපත්තු පැළඳගෙන ඉඳලා තියෙනවා.
හින්දු ජනතාව උතුම්ම ස්ථානය තමයි කෝවිල කියන්නෙ.
කොච්චර මිනිස්සු මේගොලොන්ට ආදරේ වුණත් කෝවිල ඇතුලෙ සපත්තු දාගෙන හිටපු එකට නම් ගොඩක් දෙනෙක් තදින්ම විරුද්ධ වුණා.
කොහොම හරි මේ ප්රශ්නෙ අන්තිමේ නැවතුණේ අධිකරණයටත් ගිහිල්ලා.
ලෝකෙම මේ නළුවො දෙන්නට ආදරය කළත් මේ අවස්ථාවේදි අධිකරණය හිටියෙත් මේ දෙන්නට විරුද්ධව කියලයි ආරංචිය.
ඔවුන් රඟපෑ ප්රචාරක පටය පහතින්..
ඔවුන් රඟපෑ ප්රචාරක පටය පහතින්..
Post a Comment